ඉන්දියාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජන අවස්ථා තිබෙන බවත් ඒවායේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අද (20) පැවැසීය.
පාකිස්තානය සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ආයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් අනතුරුව ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට පැමිණියේ අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතකය.
සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙය විය.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ. ප්‍රහාරයේ වගකීම් ජායිෂ් ඊ මොහොම්මද් ත්‍රස්ත සංවිධානය බාරගත්තේය. එහෙත් පාකිස්තාන රජය සහ එරට බුද්ධි අංශය වන අයි.එස්.අයි. සංවිධානය ප්‍රහාර පිටුපස සිටින බව ඉන්දියාව චෝදනා කරයි. මේ තත්ත්වය මත සෞදි අරාබිය පාකිස්තානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර ගනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වේ.
එනමුත් පාකිස්තානය සහ සෞදි අරාබිය ජාත්‍යන්තර දේශපාලනය තුළ මිත්‍ර රටවල් දෙකකි. කෙසේ වුවත් ඉන්දියාව සෞදි කුමරුන් පිළිගනු ලැබුවේ රතු පළස එළමිනි.
මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඔටුන්න හිමි කුමරු බටහිර රටවල අමනාපයට ලක්ව සිටී.
ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා සෞදි අරාබිය ඉන්දියාව සමඟ තොරතුරු බෙදාහදා ගැනීමට සූදානම් යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ පුවත් සාකච්ඡාවක් පවත්වමින් ඔටුන්න හිමි සල්මාන් කුමරු පැවැසීය.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෞදි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ ආයෝජනය කිරීමට සූදානම්