IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සුඩාන අගමැති නිවාස අඩස්සියේ

හමුදා කුමන්ත්‍රණයකින් පසු, සුඩාන අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කිරීමට කුමන්ත්‍රණය මෙහෙය වු හමුදා ප්‍රධානීහු කටයුතු කළහ.

වසර ගණනාවක් සුඩානයේ ජනාධිපති ලෙස කටයුතු කළේ ඕමාර් අල් බෂීර්ය. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ද ඔහු ජයග්‍රහණය කළ නමුත් සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ එම දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන සුඩාන වැසියන් හෝ ඕමාර් අල් බෂීර්ගේ එම ජයග්‍රහණය පිළිගත්තේ නැත.

දිගින් දිගටම විරෝධතා එල්ල වෙද්දී, පාලක මණ්ඩලයකට බලය පවරා දී ඕමාර් අල් බෂීර් ධුරයෙන් ඉවත් විය. 2023 වසරේ යළි මැතිවරණයක් පැවැත්වෙන තුරු එම ස්වාධීන පාලක මණ්ඩලය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවිණි.

එදා සිට මේ දක්වා පැවැතියේ එම අන්තර්වාර රජය වන අතර, ඊට නායකත්වය දුන්නේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක්ය.

කෙසේ සුඩානය දිගින් දිගටම දේශපාලන අර්බුද රැසකට මුහුණ දෙන්න වූ අතර, එයින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් විය. අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් පමණක් නොව, ඔහුගේ මාධ්‍ය උපදේශක, බලය පැවැරුණු ස්වාධීන පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත්, ඔවුන් ද නිවාස අඩස්සියට පත් කෙරුණු බවත් වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (0)

සුඩාන අගමැති නිවාස අඩස්සියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site