
අතිශය ජනප්‍රිය, මුල්ම 'ස්ටාර්ට්‍රෙක්' රූපවාහිනී කතා මාලාවේ සහ චිත්‍රපට මාලවේ කැප්ටන් ජේම්ස් ටී. කර්ක්ගේ චරිතයට පණ පෙවූ හොලිවුඩ් නළු විලියම් ෂැට්නර්, ඇමෙරිකන් ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ගේ 'ඕලූ ඔරිජින්' සමාගම සමඟ එක් වී, 'ඕලූ ඔරිජින්' රොකට්ටුවක සහ ගගන කැප්සියුලයක ආධාරයෙන් පෘථිවි කක්ෂයට ගොස් ආපසු පැමිණියේය.
ෂැට්නර් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණියේ ගගන සංචාරකයකු ලෙස කෙටි පුහුණුවකින් අනතුරුවය. 90 හැවිරිදි ෂැට්නර්, අභ්‍යකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයකි. ධනවතුන් සඳහා පෞද්ගලික ගගන සංචාර ආරම්භ කිරීමෙන් පසු 'ඕලූ ඔරිජින්' සමාගම ගගන සංචාරකයන් කණ්ඩායමක් පථිවි කක්ෂයට යවා විනාඩි 10 ක් ශුන්‍ය ගුරුත්වයේ රැඳී සිටීමට සලස්වා ආපසු ගෙන්වා ගත් දෙවැනි අවස්ථාව මෙයයි.
'ඕලූ ඔරිජින්' කැප්සියුලය සහ රොකට්ටුව උඩු ගුවනට බලා ගමන් ආරම්භ කළේ ටෙක්සාස් කාන්තාරයේ ඉදිකර ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ගේ 'ඕලූ ඔරිජින්' සමාගමට අයත් එකකි. ජෙෆ් බෙසෝස් යනු ඇමෙරිකාවේ බිලියනපති ව්‍යාපාරිකයෙකි.
ෂැට්නර් සමඟ මෙම ගමනට තවත් තිදෙනෙක් එක්වූහ. ඕලූ ඔරිජින් සමාගමේ උප සභාපති අන්ඩ්‍රි පවර්ස්, 'ප්ලැනට්' චන්ද්‍රිකා සමාගමේ සභාපති ක්‍රිස් බොෂුසේන්, ප්‍රංශ සෞඛ්‍ය සේවා මෘදුකාංග සමාගමක් වන 'ඩෙසෝල් සිසිටෙම්' හි විධායක අධ්‍යක්ෂවරියක වන ග්ලෙන් දෙ වෙරියස් ඔවුන් තිදෙනාය.
'ස්ටාර් ට්‍රෙක්' විද්‍යා ප්‍රබන්ධ කතා සහ චිත්‍රපට හරහා අභ්‍යවකාශයට ගිය තමන්, සැබැවින්ම එවැනි වික්‍රමයකට සහභාගී වීම සුවිශේෂී අමතක නොවන අත්දැකීමක් බව නිරුපද්‍රිතව යළි පොළොවට පැමිණි විලියම් ෂැට්නර් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’ස්ටාර්ට්‍රෙක්’ නළු ෂැට්නර් ඇත්තටම අභ්‍යවකාශයට