IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


සටන් විරාමයකට කැමතියි

කොන්දේසි විරහිත සටන් විරාමයකට තායිලන්තය සහ කාම්බෝජය එකඟ විය. ඒ, දෙරටේ නායකයන්, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරට රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

දේශසීමා ගැටුම් උත්සන්න වෙද්දී, සටන් විරාමයක් සඳහා තායිලන්තය සහ කාම්බෝජය එකඟ කර ගැනීමට මැදිහත් වූයේ ඇමෙරිකාව, චීනය දහ මැලේසියාවය.

ක්වාලාලාම්පූර් නුවර පැවැති සාකච්ඡා සඳහා කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මනෙත් සහ ඔහුගේ නියෝජිතයෝ ද තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍ය පුම්තාම් වෙචායචායි සහ ඔහුගේ නියෝජිතයෝ ද එක් වූහ.

තායිලන්තය සහ කාම්බෝජය අතරේ, සිවු දිනක් පුරා පැවැති අවි ගැටුම්වලින්, 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අවි ගැටුම් ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය.

ගැටුම් උත්සන්න වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට මැදිහත් විය. ගැටුම් වහා නවත්වන ලෙස ට්‍රම්ප් තායිලන්තයටත්, කාම්බෝජයටත් තර්ජනය කළේය. එසේ නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය සහ කාම්බෝජය සමඟ කිසිදු ගනුදෙනුවක් ඇති කර නොගන්නා බව ද ට්‍රම්ප් පැවැසීය. එසැණින්, සාකච්ඡා සඳහා යොමු වීමට තායිලන්තය සහ කාම්බෝජ නායකයෝ කැමැත්ත පළ කළහ.



අදහස් (0)

සටන් විරාමයකට කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site