ආයුධ සන්නද්ධ සටන්කාමීහු පිරිසක් ඊයේ (3) සවස ඉරාකයේ පොලිස් මූලස්ථානයකට කඩා වැදී එය අල්ලා ගත්හ. සටන්කාමීන් කඩා වැදුණේ අල් බැග්ඩාඩි නුවර පොලිස් මූලස්ථානයටය. එම අවස්ථාවේදී අල් බැග්ඩාඩි නගරාධිපතිවරයාත් අසල්වැසි නගරයක් වන හදිතා නගරයේ පොලිස්පතිවරයාත් අල් බැග්ඩාඩි පොලිස් මූලස්ථානයට පැමිණි සිටි අතර සටන්කාමීහු ඔවුන් ප‍්‍රාණ ඇපයට රඳවා ගත්හ. අල් බැග්ඩාඩි නගරය පිහිටා ඇත්තේ රමාදි නුවරට කිලෝ මීටර් 150 ක් දුරිනි. සටන්කාමීන් පොලිස් මූලස්ථානයට කඩා වැදීමට පෙර පිපිරීම් දෙකක් සිදුවූ බව ආරක්ෂක අංශ පවසයි. මුලින් එල්ල වූයේ කාර් බෝම්බ ප‍්‍රහාරයකි. අනෙක මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකි. ඊට අමතරව සටන්කාමීන් සහ පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් පැවැති බවත් එයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා විය. ඊයේ සවස වනවිටත් පොලිස් මූලස්ථානය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති අතර ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සටන්කාමීහු ඉරාක පොලිස් මූලස්ථානයක් අල්ලා ගනිති