IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සටන්කාමීන් සෞඛ්‍ය කඳවුරු වලට පහර දීමෙන් පසු ඉබෝලා රෝගීන් වාර්තා වීම ඉහළට

කොංගෝ ජනරජයේ ඉබෝලා රෝගීන් වාර්තා වීම ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
සටන්කාමීන් සෞඛ්‍ය කඳවුරු වලට පහර දීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් කඳවුරු වලින් ඉවත්වීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.
 
කිවු හා ඉටුරි පළාත්වල පසුගිය සතිය ඇතුළත පමණක් ඉබෝලා රෝගීන් 27දෙනකු වාර්තා වී ඇත.
 
ලොව දෙවන විශාලතම වසංගතය ලෙස හැඳින්වෙන ඉබෝලා රෝගයෙන් මේ වනවිට මරණ 2210 ක් සිදුවී ඇති අතර 3340 කට රෝගය වැළඳී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
 
ඉබෝලා වේගයෙන් පැතිරෙන අතර ශාරීරික තරල හරහා බෝවීම සිදුවෙයි.
 
සති දෙකකට පෙර නැගෙනහිර කොංගෝවේ සටන්කරුවන් ඉබෝලා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකකට පහර දුන් අතර හතරදෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලැබීය.
 
එයින් පසු වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහයන් බරපතල ලෙස පසුබෑමට ලක්වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

සටන්කාමීන් සෞඛ්‍ය කඳවුරු වලට පහර දීමෙන් පසු ඉබෝලා රෝගීන් වාර්තා වීම ඉහළට

Akila Saturday, 14 December 2019 02:26 AM

නියම සත්තු රෝහල් වලටත් පහර දෙන්න තරන් , පොතේ එහෙම කියල තියනවද දන්නේ නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site