
ලොව පුරා වෛද්‍යවරුන්, හෙද හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ 1,80,000 කට වැඩි පිරිසක් 'කොවිඩ් 19' වයිරසයට බිලිවී ඇති බවත්, ඔවුන් 'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරිමට දිවි පරදුවට තබා කළ මෙහෙයවර සදා අමරණීය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේ රටරටවල සෞඛ්‍ය අමත්‍යාංශ හරහා ලබා ගත් වාර්තා අනුවය. සෞඛ්‍ය සේවක සේවිකාවන් 1,80,000 ක්, 'කොවිඩ් 19' වසංගතයට බිලිවී ඇත්තේ 2020 ජනවාරි මාසයේ සිට මෙම 2021 මැයි මාසය දක්වා කාලය ඇතුළතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස මිලියන 135 කි.
ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ දී සෞඛ්‍ය කනාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය දෙන්නැයි තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ නමුත් එසේ නොවුණු අවස්ථා ද වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
මේ වනවිට, ලෝකයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තා වන්නේ 243,271,110 ලෙසය. සමස්ත මරණ ගණන 4,945,268 කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූවන් ගණන 220,462,596 කි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 1,80,000 කොරෝනාට බිලි