
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ කරමින්, විවාදයට එක්වුණු ඇමැතිවරුන්ට පහර දීමට පටන් ගත්තේය.
ජෝර්ජියා විපක්ෂ නායකයා පහර දුන් සැණින්, සෙසු විපක්ෂ මන්ත්‍රීවරු ද ඇමැතිවරුන් සමඟ ගුටි බැට හුවමාරුවකට එක් වූහ. ගුටිබැට හුවමාරුවේ දසුන් විදෙස් පුවත් ඔස්සේ සජීවීව විකාශය විය.
ජෝර්ජියාව් පුණ්‍යායතනවලට, විපක්ෂය නියෝජනය කරන මාධ්‍ය ආයතනවලට විදේශවලින් ලැබෙන ආධාර, අරමුදල් ආදිය විනිවිදභාවයකින් ලැබිය යුතු බවත්, එම කටයුතු නියාමනයට ලක් විය යුතු බව පෙන්වා දෙමින් ජෝර්ජියා අග්‍රාමාත්‍ය ඉරාක්ලී කොබකිඞ්සේ ප්‍රමුඛ ඔහුගේ රජය නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සැරැසෙයි.
පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ආරම්භ වූයේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙනි.
(බීබීසී)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.