IMG-LOGO

වායු දූෂණය වැඩිම නගර දහයෙන් නවයක්ම ඉන්දියාවේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝකයේ වායු දූෂණය වැඩිම නගර 100 නම් කර තිබේ. එයින් ද වායු දූෂණය ඉහවහා ගිය නගර දහයෙන් නවයක් ඇත්තේ ඉන්දියාවේ යැයි පැවැසෙයි.

ඊට අමතරව, වායු දූෂණය වැඩිම නගර 100 ට ඉන්දියාවේ නගර 46 ක් ඇතුළත් වන බව වාර්තාවේ දැක්වෙයි. වාතයේ ගුණාත්මය පරීක්ෂා කිරීම සිදුවන්නේ වාතයේ අංශු පදාර්ථ ප්‍රමාණය (පී.එම්. අගය), ඕසෝන් ස්ථරයපරීක්ෂාව, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වායු ප්‍රතිශතය ආදිය මැන බැලීමෙනි.

සාමාන්‍යයෙන් පී.එම්. අගය පැවැතිය යුත්තේ 2.5 ක සීමාවේය. මේ වනවිට මිලියන 20 ක් වෙසෙන ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පී.එම්. අගය 34 ගුණයකින් වෙනස් වී ඇති බවත් එය ඉතාමත් අහිතකර තත්ත්වයක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයඅනතුරු අඟවමින් පවසා ඇත.

නවදිල්ලි අගනුවර වාතය දුෂණය වූයේ පසුගිය දා දීපවාලී සැමරුම්වලදී ගිණිකෙළි දැල්වීම සහ නවදිල්ලි ගොවීන් පිදුරු ගිනි තැබීම නිසාය. මේ වනවිට නවදිල්ලි අගනුවර පාසල් සහ කාර්යාල වසා දැමීමටත් ඉදිකිරීම් නැවැත්වීමටත් බලධාරීන් කටයුතු කර තිබේ.

දිල්ලි ප්‍රාන්ත රජය වැඩි දුරටත් පවසා ඇත්තේ නවදිල්ලි අගනුවර ලොක්ඩවුන් කිරීමට තීරණය කළ බවය.අගනුවරට පැමිණෙන වාහන ප්‍රමාණය ද අඩු කර තිබේ. වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් ලෝකයේ නගරයක් 'ලොක්ඩවුන්' කෙරුණු පළමු අවස්ථාව ලෙස මෙය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වායු දූෂණය ඉහවහා ගිය ප්‍රධාන නගර 10 ට ඇතුළත් ඉන්දීය නගර 9 වන්නේ නවදිල්ලිය, ලක්නව්, කන්පූර්, මහා නොයිඩා, නොයිඩා, බිවාඩී, බිෂ්රාක් ජලල්පූර්, බුලන්ඩ්ෂාර් සහ ඝාසියාබාද්ය. නගර 10 ට අයත් අනෙක් නගරය වන්නේ චීනයේ හෝටාන් ය.

ඉන්දියාවට අමතරව, ලාහෝර් ඇතුළු පාකිස්තානයේ නගර 6 ක්, චිනයේ තවත් නගර 41 ක්, බංග්ලාදේශයේ නගර 4 ක්, ඉන්දුනීසියාවේ එක් නගරයක් සහ තායිලන්තයේ එක් නගරයක් බැගින් ද එක්සත් ජාතීන්ගේ වායු දූෂණය වැඩි නගර 100 ට අයත් වන ආසියානු නගර යැයි පැවැසෙයි.

වායු දූෂණය හේතුවෙන් නොමේරූ දරු උපත් වැඩිවීම, මොළයේ, හෘදයේ සහ ඇස්වල ආබාධ, ශ්වසන ආබාධ ඇතිවීම බහුලව දකින්න ලැබේ. වායු දූෂණය හේතුවෙන් අගන්‍යාශයට සිදුවන බලපෑම දියවැඩියාවට මඟ පාදන බව ද වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී ඇති ආකාරයට සෑම වසරකම ලොව පුරා මිලියන 7 ක් වායු දූෂණයෙන් මියයන බව පැවැසෙයි.

(අල්ජසීරා)



අදහස් (0)

වායු දූෂණය වැඩිම නගර දහයෙන් නවයක්ම ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site