මෙම 2021 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබේ. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේත්, වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනකු අතරේත් බෙදී ගියේය.
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් මෙවර පිදුම් ලැබුවේ ඇමෙරිකන් ජපන් විද්‍යාඥ සියුකුරෝ මනාබේ, ජර්මනියේ කපවුස් හෙසල්මන් සහ ඉතාලියේ ජියෝරිජි පරීසිය. ඒ, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ඔවුන් එක් වී නිර්මාණය කළ කාලගුණ මොඩලය ඇගයීමට ලක් කරමිණි.
මෙම වසරේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු වන ඩේවිඩ් ජුපියස් සහ ආඩෙම් පැටපෝෂියම් අතරේ බෙදී යන බව නොබෙල් කහිටුව නිවේදනය කර ඇත.
මිනිස් සිරුරේ උෂ්ණත්වය සහ ස්පර්ශක සංවේදක සම්බන්ධයෙන් කළ නව සොයා ගැනීම් ඇගයීමට ලක් කරමින් වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය මොවුන් දෙදෙනාට පිරිනැමීමට තීරණය කළේ යැයි නොබෙල් කමිටුව පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වෛද්‍ය විද්‍යා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග පිරිනමයි