IMG-LOGO

වැඩිම දින ගණනක් වැසුණු නගරය

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වැඩිම දින ගණනක් එක දිගට වසා තැබූ නගරය ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙල්බන් නගරය ඊයේ (4) වනවිට වසා දමා දින 246 ක් ගත වී ඇත. මීට පෙර පෙර දින 245 ක් අඛණ්ඩව වසා දැමුණේ ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නගරයයි‍.

මෙල්බන් ලොක්ඩවුන් කර 245 ක් ගත වුවත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඊට හේතුව වී ඇත්තේ, මෙල්බන් වැසියන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය යැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

ඊට හේතුව, මෙල්බන් වැසියන් ලොක්ඩවුන් තහංචිවලට එරෙහිව වීදි බැස විරෝධතා පැවැත්වීමත් පොලිසියට හොරා නිවෙස්වලට එක්වී විනෝද වෙමින් සාද පැවැත්වීමත් නිසා යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ආසාදිතයන් අඩුවීමක් පෙන්නුම් නොකරන්නේ නම්, තව දුරටත් ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇතැයි වික්ටෝරියා බලධාරීහු පවසති.

(රොයිටර්)



අදහස් (0)

වැඩිම දින ගණනක් වැසුණු නගරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 791 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site