IMG-LOGO

විකෘතියට නම තබද්දී චීන ජනපති ගැන හිතලා

ලොව කැලැඹීමට සමත් වූ, B.1.1.529 නමැති බිහිසුණු විකෘති කොරෝනා ප්‍රභේදය, ග්‍රීක හෝඩියේ අක්ෂර අනුව නම් කරද්දී, චීනය හෝ චීන ජනාධිපති හෝ අමනාප කර නොගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වගබලාගෙන ඇතැයි ඉන්දියාව පවසයි.

ඉන්දියාව මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කර ඇති නමුත්, තවමත් ඊට නිසි පිළිතුරු ලැබී නොමැත. ග්‍රීක හෝඩිය අක්ෂර 24 කින් සමන්විතය. ලෝක සෞඛ්‍ය සංවිධානය 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද නම් කිරීමට මෙම අක්ෂර යොදා ගනී. ඒ, එම විකෘති පළමුවෙන් හඳුනා ගන්නා රටින් ඒවා නම් කිරීම එම රටට අපකීර්තියක් වන බැවිනි.

මේ වනතුරු ග්‍රීක හෝඩියේ අක්ෂර පිළිවෙළින් වයිරස විකෘති නම් කිරීමට යොදා ගෙන තිබේ. අවසන් වරට විකෘතියක් නම් කෙරුණේ 'නියු' ලෙසය. 'නියු' ට පසුව ඇති අක්ෂරය 'සී' (Xi) ය. ලෝක සෞඛ්‍ය සංවිධානය, B.1.1.529 විකෘතිය 'සී' යනුවෙන් නම් නොකර, ඊට පසුව ඇති 'ඔමික්‍රොන්' අක්ෂරයේ යොදා ගනිමින් නම් කර තිබේ. ඉන්දියාවට ගැටලුවක් වී ඇත්තේ මෙයයි.

'ඔමික්‍රොන්' යනු ග්‍රීක හෝඩියේ 15 වැනි අක්ෂරයයි. 'සී' (Xi) යනු චීන ජනාධිපතිගේ නාමයයි. චීන ජනාධිපතිගේ නාමය සී ජින් පින් ය. ලෝක සෞඛ්‍ය සංවිධානය 'සී' යනුවෙන් විකෘතිය නම් නොකළේ එයින් චීන ජනාධිපතිවරයාට අපහාසයක් වන නිසා නොවේදැයි ඉන්දියාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසන්නේ මේ නිසාය.

චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතරේ සුවිශේෂී සම්බන්ධයක් ඇති බව රහසක් නොවෙයි. 'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ දී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින්ය. ආරම්භයේ පටන් චීනය ලබා දුන් තොරතුරු අනුව යමින්, ඒවා විශ්වාස කරමින්, චීනයට විශේෂ සැලකිල්ලක් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගැබ්‍රියේසිස් බීජීං අගනුවරට ගොස් චීන ජනාධිපති සී ජින්පින් හමුවී, චීනය වයිරසය හොඳින් පාලනය කරගෙන ඇති බවත්, එයින් ලොවට තර්ජනයක් නොවන බවත් අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය, වයිරසය ගැන අවධානය යොමු කර, 2020 ජනවාරියේ සිට ඒ ගැන අනතුරු අඟවා, චීනයේ දේශසීමා වසා දැමීමට බල කළේ නම් හෝ සෙසු රටවල දේශසීමා වසා දමන්නැයි බල කළේ නම්, ගුවන් මගීන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළේ නම්, 'කොවිඩ් 19' වයිරසය ලෝක වසංගතයක් නොවනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.  
2019 වසරේ දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් සෘජුව චීනයට චෝදනා නගන්න වූයේ 'කොවිඩ් 19' ආරම්භය වුහාන් පර්යේෂණාගාරයෙන් සිදුවුණු බවත්, චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ රූකඩයක් බවට පත් කරගෙන ඇති බවත්ය. වයිරය 'චීන වයිරසය' යනුවෙන් දිගින් දිගටම පැවැසීමට නොබියව කටයුතු කළේ ද ට්‍රම්ප්ය.

ට්‍රම්ප් මැදිහත් වී, ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාවෙන් ලැබෙන මුදල් ආධාර නැවැත්වීමට කටයුතු කළේ ද ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය තැබිය හැකි ආයතනයක් නොවන බවත්, එය චීන ජනාධිපතිට සහ චීන රජයට පක්ෂව කටයුතු කරන බවත්, එය ප්‍රතිසංස්කරණයට ලක් විය යුතු බවත් දැඩිව පෙන්වා දෙමිනි.

(ඩේලිමේල්)



අදහස් (0)

විකෘතියට නම තබද්දී චීන ජනපති ගැන හිතලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site