IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ලාහෝරයේත් වාතය දූෂණය වෙලා

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙන්ම, පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නුවර ද වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි වාතයේ ගුණාත්මය පිළිබඳ විමසිල්ලෙන් පසුවන ස්විට්සර්ලන්තයේ 'අයි.කියු.එයාර්' තාක්ෂණ සමාගම නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

වාතය දූෂණය වී ඇතැයි පැවැසෙන්නේ වාතයේ ගුණාත්මකභාවය 300 සීමාව ඉක්මවා යෑමේදීය. 'අයි.කියු.එයාර්' තාක්ෂණ සමාගම නිකුත් කළ වාර්තාවට අනුව, ලාහෝර් නුවර වාතයේ ගුණාත්මය පවතින්නේ 348 ක් ලෙසය.

වායු දූෂණය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි දත්ත ඉදිරිපත් කරන තාක්ෂණික සමාගමක් ලෙස 'අයි.කියු.එයාර්' ලොව පිළිගැනීමකට ලක් වී ඇත. මෙම සමාගම වාතයේ ගුණාත්මක මැන බැලීම සිදු කරන්නේ 'එයාර් විෂුවල්' මෘදුකාංගය භාවිතයට ගනිමිනි. ඒ සඳහා කාලගුණ විද්‍යාඥයන්ගෙන් මෙන්ම කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවලින් ද ලැබෙන දත්ත පාදක කර ගනී.

ලාහෝරයේ වායු දූෂණය අවම කර ගැනීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව පාකිස්තාන රජය පමණක් නොව, ලාහෝරය අයත් පන්ජාබ් ප්‍රාන්ත රජය ද පවසා ඇත. ලාහෝරයේ වායු දූෂණය මෙසේ ඉහවහා යෑමට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ඩීසල් දුමය.

සීත කාලගුණය හේතුවෙන් ලාහෝර් වැසියන් ගිනිමැල දල්වමින් උණුසුම ලබා ගැනීමට උත්සාහ ගනී. මෙසේ ගිනිමැල දැල්වීමේ දී වාතයට එක්වන දුම් දීර්ඝ කාලයක් වාතයේ රැඳී පැවැතීම නිසා ද වායු දූෂණය ඉහළ යන බව පැවැසෙයි.

ලාහෝරය අයත් පන්ජාබය පිහිටා ඇත්තේ ඉන්දීය දේශසීමාව අසලය. ලාහෝරයේ ජනගහනය මිලියන 11 කි. මේ වනවිටත් ලාහෝර් වැසියන් ශ්වසන අපහසුතා සහ ශ්වසන රෝගවලින් පීඩාවට පත් වී සිටින බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

ලාහෝරයේත් වාතය දූෂණය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 726 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site