
පාකිස්තානයේ ලාහෝර් නුවරට ඉහළින් පියාසර කරමින් තිබුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත් විය. එය ඉන්දීය හමුදාවට අයත් ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බව පාකිස්තාන හමුදාව පවසා ඇත.
මේ අතර, ‘සින්දූර්’ මෙහෙයුම යටතේ ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ඉලක්කවලට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින්, ‘ජයේෂ් ඊ මොහොමද්’ නමැති ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායක මසූඩ් අස්හාර් ඇතුළු ඔහුගේ බිරිඳ, දරුවන් ඇතුළු සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
‘ජයේෂ් ඊ මොහොමද්’ යනු පාකිස්තානයේ ක්‍රියාත්මක, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරනු ලැබූ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයකි. මසූඩ් අස්හාර්ගේ බිරිඳ සහ දරුවන් පමණක් නොව, ඔහුගේ ඥාතීන් ද ඉන්දියාව එල්ල කළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලාහෝරයට ආ ඩ්‍රෝන යානය පහර දී බිම හෙලයි