IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලෙබනනයෙන් වහා යන්න

ලෙබනනයේ සිටින විදේශිකයන්ට වහා එරටින් පිටවෙන්නැයි අනතුරු ඇඟවීම් කර ඇත. ඒ, ලෙබනන් හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලයත් අතරේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි. 

විදෙස් බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ පමණක් නොව, ඉරානය සහ ඊශ්‍රායලය අතරේ ද යුද්ධයක් හටගැනීමට ඉඩ ඇති බවය.

හිස්බුල්ලා සංවිධානය ඉරානයේ සහාය ලබයි. ඉරානයත්, ලෙබනනයත් සහාය දක්වන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානයටය. ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙන්, ඊශ්‍රායලය ඉරානය සමඟත්, ලෙබනනය සමඟත් ගැටෙයි.

මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින්, හිස්බුල්ලා සටන්කාමී සංවිධානයේ නායකයන් කීප දෙනකු මියගොස් ඇත. ඉකුත් සතියේ ඉරානයේ සිටිද්දී, හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමට ද ඊශ්‍රායලය සමත් විය.

හිස්බුල්ලා නායකයන් ඝාතනය කිරීමත්, හමාස් නායක හානියේ ඝාතනය කිරීමත් හේතුවෙන් ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් ඉරානයත් ප්‍රතිඥා දී තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලෙබනනයෙන් වහා යන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site