
රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී සර්ජි ෂොයිගු උතුරු කොරියාවට ගොස්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී ඇත. ඒ, එරට පියොංයැන්ග් අගනුවරදීය.
සර්ජි ෂොයිගු රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ද වෙයි. ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝජිතයකු ලෙස, නායක කිම් ජොන් උන් හමුවී, ද්වී පාර්ශ්වීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව රුසියන් මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය ජුනි මාසයේදී උතුරු කොරියාවේ සංචාරයක නියැලුණු අතර උතුරු කොරියාව සමඟ ආරක්ෂක ගිවිසුමකටද අත්සන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd