IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


රුසියාවේ දෛනික ’කොවිඩ්’ මරණ දහස පනී

රුසියාවේ දෛනික 'කොවිඩ් 19' මරණ 1,000 සීමාව පසු කළේය. රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ 1,002 ක් 'කොවිඩ් 19' වයිරසයට බිලිවුණු බවය‍.  මේ වනවිට රුසියාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 33,208 තෙක් ඉහළ ගියේය.

රුසියානුවන්ට ලබා දෙන්නේ එරට නිෂ්පාදනය කෙරෙන 'ස්පුට්නික් 5' එන්නතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 'ස්පුට්නික් 5' එන්නතට මෙතෙක් හමුවී නැති නමුත්, එන්නත ලොව රටවල් 45 ක භාවිතයට ගැනෙයි.

රුසියන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට තවමත් එරට ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයකට ලක් වී ඇත්තේ සියයට 31 ක පිරිසක් පමණි. රුසියාවේ ඇතැම් පළාත් සහ නගරවල 'කොවිඩ් 19' සම්බන්ධයෙන් තහංචි පැනැවීම් හෝ සංචරණ සීමා පැනැවීම් හෝ සිදු වන්නේ ද නැත. මේ හේතුව නිසා 'කොවිඩ් 19' වව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර, පසුගිය දා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වීඩියෝ හමුවක් මගින් ඇමැති මණ්ඩලය අමතද්දී, කහින්න විය. පුටින් කියා සිටියේ තමන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවත් දිනපතාම පාහේ කොරෝනා පරීක්ෂණවලට තමන් යොමු වන බවත්ය. රුසියන් ජනාධිපතිවරයා ද ලබා ගෙන ඇත්තේ 'ස්පුට්නික් 5' එන්නතය.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවේ දෛනික ’කොවිඩ්’ මරණ දහස පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 816 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site