IMG-LOGO

රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක්

රුසියාව සිය එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති ඉන්දියාවට සැපයීම ආරම්භ කර ඇත. සතුරු යානා සහ දිගු දුර කෲස් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ ඉන්දීය හමුදාවට ඇති ශක්තිය මෙමඟින් තවදුරටත් වර්ධනය වනු ඇතැයි පැවැසෙයි.

රුසියාවේ නිෂ්පාදිත එස් - 400 ත්‍රියොම්ප්ෆ් ගුවන් ආරක්ෂක පද්ධති මෙලෙස ඉන්දියාවට සැපැයීම සිදුවෙයි. “රුසියාව දැනටමත් එස් - 400 ගුවන් ආරක්ෂක පද්ධති ඉන්දියාවට සැපයීම ආරම්භ කරලා තියෙන්නේ” යැයි සන්නද්ධ-තාක්ෂණික සහයෝගීතාව සඳහා රුසියානු ෆෙඩරල් සේවාවේ අධ්‍යක්ෂ ද්මිත්‍රි ෂුගේව් ඩුබායි ‘එයාර් ෂෝ’ ගුවන් සංදර්ශනයේ දී පවසා ඇත.

සන්නද්ධ-තාක්ෂණික සහයෝගීතාව සඳහා රුසියානු ෆෙඩරල් සේවාව (එෆ්.එස්.එම්.ටී.සී) යනු රුසියාවේ ප්‍රධාන ආරක්ෂක අපනයන පාලන සංවිධානයයි. ගුවන් ආරක්ෂක පද්ධතියේ කොටස් දැනටමත් ඉන්දියාවට පැමිණ ඇතැයි ඉන්දියානු ආරංචි මාර්ග සඳහන් කළේය.

ගුවන් ආරක්ෂක පද්ධතිය මුලින්ම යොදවනු ඇත්තේ ඉන්දියාවේ බටහිර දේශසීමාවේ යැයි වාර්තා වන අතර එමඟින් බටහිරින් සහ උතුරින් පිළිවෙළින් පාකිස්තානයෙන් චීනයෙන් එල්ල වන තර්ජන එකවර පාලනය කළ හැකි යැයි පැවැසෙයි.

ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීම සඳහා ගිවිසුම සඳහා ඉන්දියාව, ඉන්දීය රුපියල් කෝටි 35,000ක් වෙන් කර ඇති අතර කිලෝමීටර 400ක දුරක් ඇතුළත් ගුවනින් එල්ල විය හැකි තර්ජන මර්දනය කිරීම සඳහා සන්නද්ධ ගුවන් භට සමූහ පහක් ද ඉන්දියාවට හිමිවනු ඇතැයි වාර්තා වේ.

එහි පළමු කොටස මුහුදින් සහ ගුවනින් මේ මස අවසන් වනවිට ඉන්දියාවට ගෙනෙනු ඇතැයි ද දැනගන්නට ලැබේ. ගුවන් ආරක්ෂක පද්ධතියේ පළමු කොටස ස්ථාපිත කිරීමෙන් පසු ඉන්දීය ගුවන් හමුදාව නැගෙන දේශසීමාවේ දෙවැනි කොටස ස්ථාපිත කරනු ඇති බවත් ඉන්දියාවට පැමිණෙන භට සමූහ සහ ඉන්දීය ගුවන් හමුදාව සිය නිලධාරීන්ට රට තුළ අදාළ උපකරණ සහ ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදෙන බව ද වාර්තා වේ.

මීට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සෙබළුන් සහ නිලධාරීන් රුසියාවේදී ද මේ සම්බන්ධයෙන් පුහුණුව ලැබීය.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site