දරු උපත් ඉක්මන් කිරීමට අධික රස්නය ද හේතුවක් බව පර්යේෂකයෝ කියති. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ට වඩා වැඩි වූ විට කාන්තාවන් දරුවන් බිහිකිරිම නියමිත දිනට වඩා දින හතරක සිට හතක් දක්වා කාලයකින් ඉක්මන් වීම සියයට 27කින් වැඩි වී ඇතැයි ද එම පර්යේෂණයෙන් තහවුරු වී ඇත.
ඔවුන් මේ බව පවසන්නේ 1981 සිට 2010 දක්වා මොන්ට්‍රියල් නගරයේ සිදුවූ උපත් ලක්ෂ තුනක දත්ත පදනම් කරගනිමිනි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ දරු ගැබට වයස සති 37ට වඩා අඩුනම් උෂ්ණත්වයේ බලපෑමක් නැති බවයි.
අධ්‍යනයන් මගින් පෙන්වා දී ඇත්තේ කළලයට වසය සති 37 ක්හෝ 38 ක් ව උපදින ළමුන් වැඩි වශයෙන් ස්වසන ආබාධ වලින් පෙළෙන අතර නොමේරූ උපත් මළ දරු උපත් වීමට ඇති ඉඩකඩ බොහෝ බවයි.
මෙම අධ්‍යනයේ ප්‍රධානි මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය නතාලි ඕගර් පවසන්නේ උෂ්ණත්වය ඉහළ යෑම මගින් ඇතිවන ආතතිය හේතුවෙන් ගර්භනී සමයේ ගර්භාෂයේ සංකෝචනය වීම වැඩිවී තාප යාමනයට අඩු බලපෑමක් වන බවයි.
නතාලි පවසන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් ශරිර විජලනය වී ගර්භාෂයට සපයනු ලබන රුධිර සැපයුම අඩුවීම හේතුවෙන් පිටියුටරි ග්‍රන්ථියේ හෝර්මෝන නිකුත්වීම හේතුවෙන් ප්‍රසූතිය ඉක්මන් වන බවයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
රස්නය වැඩිනම් බබා ඉක්මනට එයි