
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 160 කි.
පළාත් ආණ්ඩුකාරවරයකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයකු වන ඔක්ටේවියෝ ඩොටෙල් ද රාත්‍රී සමාජ ශාලාවේ සිටි බවත්, ඔවුන් දෙදෙනා ද ජීවිතක්ෂයට පත් වුණු බවත් වාර්තා වේ.
51 හැවිරිදි ඔක්ටේවියෝ ඩොටෙල්ගේ සිරුර ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සොයාගෙන ඇතැයි ද පැවැසෙයි. ගොඩනැගිල්ල ගිනිගත් අවස්ථාවේදී, ජනප්‍රිය ගායක රූබි පෙරේස්ගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබුණි. රූබි පෙරේස් ද අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. ගින්න හටගත් අවස්ථාවේදී, සමාජ ශාලාවේ 500 ත් 1000 ත් අතර පිරිසක් සිටි බව ද වාර්තා වේ.
සුන්බුන් අතරේ සිරවූවන් සොයමින්, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊට 400 කට වැඩි දෙනකු එක් වී සිටින බව ද පැවැසෙයි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 දෙනෙක් මරුට