IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


රජ සැප අත්හැරිය ජපන් කුමරිය ඇමෙරිකාවට

ජපානයේ මාකෝ කුමරිය සහ ඇගේ සැමියා සමඟ පසුගිය 14 වැනිදා සවස ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට පැමිණියහ.

මාකෝ කුමරිය සිය පදවි නාම සහ රාජකීය පවුල ද අත්හරිමින් විවාහ වී ඇත්තේ සාමාන්‍ය ජපන් ජාතිකයකු සමඟය. තමන්ට හිමි ව තිබූ සියලු රාජකීය සැප සැම්පත් නම්බු නාම ද අත්හළ මාකෝ කුමරිය විවාහ වී සිටින්නේ ඇගේ පෙම්වතා කොමුරෝ සමඟය.

මාකෝ සහ කොමුරෝ විශ්වවිද්‍යාල සමයේ සිට පෙම්වතුන් වන අතර ඔවුන්ගේ විවාහයට බොහෝ පාර්ශවවලින් බාධා එල්ල වී තිබුණි. ජපන් අධිරාජ්‍යයාට ආදරේ කරන ජපන් වැසියන් පවා මෙම විවාහය අනුමත කරන්නේ නැත.

ඉකුත් මස දෙදෙනාගේ විවාහ උත්සවය අවම උත්සවශ්‍රීයකින් පවත්වන ලදී. විවාහයෙන් පසු කලක් ජපානයේ ගත කළ යුවළ ටෝකියෝ අගනුවරින් පිටත් වූයේ ඉරිදා (14) උදෑසනය.

මාකෝ කුමරියගේ ස්වාමි පුරුෂයා නීතිඥයකු වන අතර ඔහු සේවය කරන නීති අයතන නිව්යෝක් නුවර පිහිටා ඇත. ඔවුන් නිව්යෝක් නුවරින් නිවසක් කුලියට ගනු ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපන් නීතියට අනුව රාජකීය පවුලේ කාන්තාවක සාමාන්‍ය වැසියකු සමඟ විවාහ වුවහොත් ඇයට ඇයගේ රාජකීයත්වය අහිමි වනු ඇත. නව යුවළ පිටවීමේ පර්යන්තය හරහා ගමන් ගත් බැවින් පොලිසිය හා ගුවන්තොටුපළ ආරක්ෂක අංශය ඔවුන්ට දැඩි ආරක්ෂාවක් සැපයී ය.

මාකෝ සහ ඇයගේ ස්වාමි පුරුෂයාගේ පැමිණීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන් 100කට වැඩි පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි අතර ඔවුන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙමින් යුවළ ඔවුන් පසුකර ගිය බව ද පැවැසෙයි.

යුවළ එක්සත් ජනපදයට යෑමට ගත් තීරණය හේතුවෙන් ඔවුන් දෙදෙනා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ මෙගාන් මාකෙල් සහ හැරී කුමරුගේ නික්ම යෑමට සමාන කිරීමට ද ඇතැම් පාර්ශව පියවර ගෙන තිබිණි. එබැවින් ඔවුන්ට “ජපානයේ හැරී සහ මේගන්” යනුවෙන් නමක් පට බැඳ තිබේ.

මාකෝ සහ කොමුරෝගේ විවාහය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා දැඩි අපහසුතාවලට මුහුණ දුන්හ. එම දුෂ්කරතා, චෝදනා යනාදිය හේතුවෙන් මාකෝ කුමරිය දැඩි ලෙස රෝගාතුර වූ බව ද වාර්තා වේ.

ඉකුත් මස පැවැති විවාහයේදී මාකෝ සහ කොමුරෝ රාජකීය විවාහනය සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අනුගමනය නොකළ අතර මාකෝ රාජකීය කාන්තාවක් සිය පවුල අත්හැර යනවිට ලැබෙන දීමනාව ද ප්‍රතික්ෂේප කළා ය. මාකෝ කුමරිය, ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ ලේලියයි. සිය රාජකීය නාමය, රජ පවුලෙන් ලැබෙන දීමනාව යාදී සියල්ල ම ප්‍රතික්ෂේප කළ රජ පවුලේ පළමු සාමාජිකාව මාකෝ කුමරිය යැයි මාධ්‍ය සිහිපත් කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

රජ සැප අත්හැරිය ජපන් කුමරිය ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 725 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site