
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 43,000 ක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. යුද්ධය නිසා තුවාල ලැබූ යුක්රේන සෙබළුන් ගණන 37,000 ක් යැයි ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක්ප අනුගමනය කළේ 2022 දීය. ඒ, බටහිර හිතවාදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය, බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
2022 වසරේ සිට මේ දක්වා යුද ගැටුම්වලින් මියගිය රුසියන් සොල්දාදුවන් ගණන 198,000 ක් බවත්, තුවාල ලැබූ ගණන 550,000 ක් බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd