
ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වයෙන් මෙන්ම ජපාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බව යොෂිහිදේ සුගා මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙම මස අවසානයේ පක්ෂ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත් වීමට නියමිත අතර, තමන් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බව ද සුගා පැහැදිලි කළේය.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර, වසර ගණනාවක් පුරාවට ජපානයේ පාලක පක්ෂය ලෙස බලයේ රැඳී සිටින්නේ ලිබරල් ඩිමොක්‍රටික් පකෂයයි.
72 හැවිරිදි යොෂිහිදේ සුගා පක්ෂ නායකයා ලෙසත්, අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ වසරක කාලයක් පමණි. සුගා පක්ෂ නායකත්වය සඳහා තෝරා ගැනීම සිදුවූයේ පසුගිය සැප්තැම්බරයේ පක්ෂ නායකයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ෂෙන්සෝ අබේ එම ධුරවලින් ඉවත් වූ අවස්ථාවේදීය. අබේ ධුරවලින් ඉවත් වී දේශපාලනයෙන් සමුගත්තේ ඔහුගේ අයහත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි. අබේගේ ධුර කාලය අවසන් වීමට තිබුණේ මෙම 2021 වසරේදීය.
එම අවස්ථාවේ දී පක්ෂයේ බහුතර කැමැත්තට අනුව, යොෂිහිදේ සුගා තෝරා ගැණින. කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය හමුවේ ජපානය ආර්ථිකමය වශයෙන් පසුබෑමකට ලක් වෙද්දී, පළාත් මට්ටමින් පැවැති මැතිවරණයෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය දැඩි පසුබෑමකට ලක් විය. ඒ සමඟ සුගාගේ ජනප්‍රියත්වය ද පහළ ගියේය.
ඒ අනුව, පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසුමක් පැවැත්වීමට තීරණය කෙරුණු අතර, මෙම සැප්තැම්බර් මස අවසානයේ එම ඡන්ද විමසුම පැවැත්වෙයි. ඊට අමතරව ජපාන මහ මැතිවරණය ද මෙම 2021 වසර අවසානයේ පැවැත්වීමට නියමිතය.
'කොවිඩ් 19 වසංගතයත් සමඟ රට පාලනය කිරීම පහසු නැහැ. ඒක ලොකු පීඩනයක්. ලොකු කායික සහ මානසික ශක්තියක් ඊට අවශ්‍ය වෙනවා. ඒක මට කරන්න අමාරුයි. ඒ නිසා පක්ෂ නායකත්වය වෙනුවෙන් මා තරග කරන්නේ නැහැ.' යැයි ටෝකියෝ අගනුවර මාධ්‍ය හමුවේ පවසමින්, හිස නමා ආචාර කරමින් යොෂිහිදේ සුගා සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
(ඒ.එෆ්.පී)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යොෂිහිදේ සුගා ජපාන අගමැති ධුරයට සමුදෙයි
විජිත් Sunday, 05 September 2021 03:54 PM
මේ ලෝකයේ වැදගත් "දේශපාලනඥයින්" කියන කාණ්ඩයට අයත් වැදගත් මහත්මයෙක්. තමන්ට මේ පීඩනය තවදුරටත් දරාගැනීමට නොහැකි බව අවංකවම රටට පවසා අගමැතිකමෙන් ඉවත්වීමට බලවත් ආත්ම ශක්තියක් මෙන්ම " පිරිසිදු චිත්තයක් " තිබිය යුතුමයි. අපේ රට පාලනය කරමින් රට හොරාකන ලෝක හොරුන් කවදාවත් මේ "මහත්මයා" කළා වගේ ඉල්ලා අස්වේවිද..? එහෙම ඉල්ලා අස්වෙන්නට "මහත්වරුන්" සිටිය යුතු තැන අද අපේ රටේ පාලකයින් වී සිටින්නේ අන්ත දූෂිත හොරුන්, මිනීමරුවන්, කණ්ඩායමකි. හැබැයි අමතක කරන්න එපා.. මේ ගොල්ලන්ටත් " වරදින " වෙලාවක් එනවා.
awanka Monday, 06 September 2021 03:03 AM
අපේ අය බෑ කියලා යයිද.?