IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


යුද්ධය අවසන් වනතුරු සිරියා රජයට සහාය දෙනවා

සිරියාවේ හටගෙන ඇති සිවිල් යුද්ධය අවසන් වනතුරු කැරැලිකරුවන්ට එරෙහිව සටන්වැද සිටින ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව හිස්බුල්ලා සටන්කාමී නායක හසන් නසරල්ලා පවසයි.
ලෙබනනයේ සන්නද්ධ සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සටන්කාමී නායක නසරල්ලා මේ බව පැවැසුවේ ඊයේ (26) එරට රූපවාහිනී සේවාවක් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 
සිරියානු යුද්ධය හිස්බුල්ලාවරුන්ගේ සටනක් ලෙස හැඳින්විය හැකි බවත් එහිදී තම සංවිධානය සැමවිටම ජනපති අසාද් වෙනුවෙන් සටන් වදින බවත් නසරල්ලා වැඩිදුරටත් කීය.
හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු යුද්ධයට මැදිහත්වීමත් සමඟ කැරැලිකරුවන්ට එල්ල වන ප‍්‍රහාර උත්සන්න වෙමින් පවතී. සිරියාවේ කුසායිර් නගරයේ කොටුවී සිටින කැරැලිකරුවන් පසුගියදා ප‍්‍රකාශ කළේ තමන් හිස්බුල්ලාවරුන්ගේ දැඩි ප‍්‍රහාරයන්ට ලක්වන බවයි.
ලෙබනනයේ සිටින ෂියා මුස්ලිම්වරුන් නියෝජනය කරන්නේ හිස්බුල්ලාවරුන්ය. ඔවුන්ගේ නායක නසරල්ලා කියා සිටින්නේ සිරියාව සුන්නි මුස්ලිම්වරුන් අතට පත්වීම ලෙබනනයට ද තර්ජනයක් බවයි. 
එසේම නසරල්ලා වැඩිදුරටත් සඳහන් කළේ තවදුරටත් ඇමෙරිකාවේ හා ඊශ‍්‍රායලයේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන්ට තමන් කිසිදු මොහොතකවත් සහය නොදෙන බවයි.



අදහස් (0)

යුද්ධය අවසන් වනතුරු සිරියා රජයට සහාය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site