IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යුද්ධයක් ඕනෑ ඇමෙරිකාවට

යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සමඟ හෝ වෙනත් බටහිර රටක් සමඟ හෝ යුද වැදීමේ කිසිදු අදහසක් රුසියාවට නැති බවත්, යුද්ධයක් අවශ්‍ය වී ඇත්තේ ඇමෙරිකාවට බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යළිත් වරක් අවධාරණය කළේය.

යම්හෙයකින් රුසියාව මැදිහත් වී යුද්ධයක් ආරම්භ වුවහොත්, එය යුරෝපා කලාපයට පමණක් නොව මුළු ලොවටම විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

යුක්රේනය නේටෝ සංවිධානයට 'හිතවත්වීම' මුල්කොට ගනිමින් හටගත් අර්බුදය කඩිනමින් විසදීමට ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් පියවර ගත යුතු බව ද රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දුන්නේය.

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොලේස්, යුක්රේන සංචාරයකින් පසු රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති පුටින් හමුවී, යුක්රේන අර්බුදය සම්බන්ධයෙ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

ඉන්පසු ජනාධිපතිවරුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගී විය. යුක්රේනය මුල්කොට ගනිමින් යුද්ධයකට යෑමේ කිසිදු අදහසක් රුසියාවට නැතැයි ජනාධිපති පුටින් අවධාරණය කළේ එම මාධ්‍ය හමුවේදීය.

ඕලාෆ් ෂොලේස් ජර්මන් චාන්සල්වරයා ලෙස රුසියාවට ගොස් රුසියන් ජනපති පුටින් හමුවූයේත්, ඊට පෙර යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවූයේත් පළමු වරටය.

(රොයිටර්)



අදහස් (1)

යුද්ධයක් ඕනෑ ඇමෙරිකාවට

Sriland Thursday, 17 February 2022 02:21 PM

මේ ඔක්කොම කරන්නේ ආයුධ විකුණා ගැනීමේ කුමන්ත්‍රණ... ඇමෙරිකාව සපෝර්ට් කළොත් රුසියාව ආයුධ විකුණා ගන්න බව දෙගොල්ලොම කතා කරලා මේවා කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site