IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින්‘‘

ඉරානයේදී අනතුරට පත්වූ ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවට බුද්ධි අංශ කිහිපයක තොරතුරුවලින් පෙනී යන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැවැසීය.

ඉරානයේ තෙහ්රාන් නුවරින් ඉකුත් දා (8) වැනිදා ගමන් ඇරැඹු ගුවන් යානය ඉන් පැය කිහිපයකට පසා කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි 176 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ. ඉන් 63 ක් කැනඩා ජාතිකයෝ වූහ.

කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍ය ටෲඩෝ පෙරේදා (9) එම කරුණු අනාවරණය කළේය. ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල වන විඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ කැනඩා අගමැතිවරයා එම කරුණු කීවේය.

ගුවන් යානය කඩා වැටුණු බවට වාර්තා වූයේ ඉරානය, ඉරාකයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු දෙකකට මිසයිල එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

“මේක හිතමතා කරපු දෙයක් නොවෙයි. අපි හැමෝම ඒක දන්නවා. එහෙත් කැනඩා ජාතිකයන්ට ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර ඕනෑ” යැයි අග්‍රාමාත්‍යවරයා වාර්තාකරුවන්ට කීය.

ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාර වැදීමෙන් යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද එරට බලධාරීන් උපුටා දක්වමින් පැවැසීය.

ගුවන් යානය කඩා වැටී ඇත්තේ මිසයිල ප්‍රහාරයකින් බවට ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද අග්‍රාමාත්‍ය ටෲඩෝ කීවේය.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (1)

‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින්‘‘

Kumar Friday, 10 January 2020 05:30 PM

දැනට පෙනෙන ඉරානය ඇතුළත ගත් CCTV වීඩියෝ වලින් පෙනෙන්නේ යම්කිසි දෙයක් මෙම ගුවන් යානයට වැදී පුපුරණ එකයි. අන්තර් ජාලයේ මේ වීඩියෝව දැකගත හැකිය. මෙය වැරදීමකින් සිදුවුණු හැටියටයි කවුරුත් සිතන්නේ. මට කණගාටු කිසිමදෙයකට සම්බන්ධයක් නැති අහිංසක සේවකයන් සහ මගින් පිරිස ගැනයි. 1988දී ඉරාන මගී ගුවන් යානයක් ඉතාම නවීන තාක්ෂණයේ යුත් ඇමෙරිකන් යුද නැවකින් යැවූ මිසයිලයකින් විනාශ වුණා. ප්‍රීතියෙන් උඩපනිමින් සිටි නාවික භටයින් මළසිරුරු අහසින් වැටෙනවා දුටුවිට කළ මෝඩකම තේරුණා. කෙතරම් හොඳ තාක්ෂණයක් තිබුණත් එය පාවිච්චි කරන්න දන්නේ නැතිනම් එ්කේ වැඩක් තිබෙනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site