(විමුක්ති එස් රුද්‍රිගු)
ශ‍්‍රී ලාංකිකයන් ආසන්න වශයෙන් 40 දෙනකු පමණ යුක්රේනයේ රැඳි සිටින බවත් ඉන් හත් දෙනෙක් ශිෂ්‍යයන් බවත් විදේශ සේවා අමාත්‍යංශය පවසයි. දැනට යුක්රේනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව පිළිබඳ තුර්කියේ අන්කරා නුවර පිහිටි තානාපති කාර්යාල මගින් සොයා බලන බව අමාත්‍යංශය පවසයි.
යුක්රේනයේ දිනෙන් දින වැඩි වන යුද උණුසුමත් සමග රටවල් රැසක පුරවැසියනට යුක්රේණයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනයේ ශ‍්‍රීලංකාවේ තානාපති කාර්යාලයක් නොමැත.
මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ටේරිලියාව, ඉතාලිය, ඊශ‍්‍රයාලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළුව රටවල් 12 ක් පමණ තම පුරවැසියන්ට යුක්රේනයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
තුර්කියේ අන්කරා නුවර පිහිටි තානාපති කාර්යාලය මගින් ආසන්න ලෙස ශ‍්‍රී ලාංකිකයන් 40 දෙනකු පමණ යුක්රේනයේ සිටින බව දත්ත මගින් ලබා ගෙන ඇති බවත් එය අඩු හෝ වැඩි විය හැකි බව අමාත්‍යංශය පවසයි.
අන්කරා තානාපති කාර්යාලය යුක්රේනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳ නිරන්තරයෙන් සොයා බලමින් සන්නිවේදනය සිදු කරන බව අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි.
හදිසි තත්ත්වයකදී යුක්රේනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සුදුසු සහ කාලෝචිත තීරණ ගැනීමට සුදානමින් සිටින බව විදේශ අමාත්‍යංශය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
යුක්රේනයේ සිටින ලාංකිකයන් ගැන තුර්කි තානාපති කාර්යාලය විමසිල්ලෙන්