IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යුක්රේනයට යන්න අගමැති මෝදි සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එලැඹෙන සිකුරාදා (23) යුක්රේනයේ කීව් අගනුවරට ගොස් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට නියමිතය. 

රුසියන් යුක්රේන යුද්ධය හට ගැනීමෙන් පසු අවස්ථා කීපයකදී මෝදි සහ සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, මෝදි යුක්රේනයට ගොස් සෙලෙන්ස්කී හමුවන පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ඉන්දීය විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු යුක්රේනයට යනු ඇත්තේ වසර 30 කට පසුව බවය. අග්‍රාමාත්‍ය මෝදි, කීව් අගනුවර බලා යන්නේ රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව පෙන්වා දීමේ අරමුණින්ය.

මෝදි රුසියාව සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟත් යුක්රේනය සමඟත් යහපත් සබඳතා පවත්වයි. යුක්රේන සංචාරයේ දී මෝදි, යුක්රේන ජනාධිපතිවරයා සමඟ ආරක්ෂාව සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, විද්‍යා සහ තාක්ෂණික ක්ෂේත්‍රයට අදාලව ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

යුක්රේනයට යන්න අගමැති මෝදි සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site