IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මා බලයෙන් නෙරපීමේ කුමන්ත‍්‍රණයට වත්මන් ජනපති වහීඞ් හසන් සම්බන්ධයි

පොලිසියේ සහ ඇතැම් හමුදා නිලධාරීන් ද හවුල් වී තමාට එරෙහිව ආරම්භ කළ කැරැල්ලට නව ජනපති හසන්ගේ ද අනුමැතිය ලැබී ඇතැයි ධුරයෙන් සමුගත් මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්  චෝදනා කරයි. ඒ.එෆ්.පී. පුවත් සේවයේ මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනපති නෂීඞ් කියා සිටියේ තමා බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය ගෙන ගිය කුමන්ත‍්‍රණයට නව ජනාධිපති මොහොමඞ් වහීඞ් හසන් ද සම්බන්ධ බවය. තමන්ට බලයෙන් ඉවත් වන්නැයි බල කළේ හසන් යැයි ද නෂීඞ් කියා සිටියි. ජනතා විරෝධය හමුවේ නෂීඞ් ඉකුත් 7 වැනිදා ජනපති ධුරයට සමුදුන්නේ එම අවස්ථාවේ උප ජනාධිපති ධුරය හොබවමින් සිටි වහීඞ් හසන්ට බලය පවරමිනි. නෂීඞ් ජනපති ධුරයෙන් ඉවත් වී පැය කිහිපයක් ගත වෙද්දී මාලදිවයින නව ජනාධිපතිවරයා ලෙස මොහොමඞ් වහීඞ් හසන් දිවුරුම් දුන්නේය. කැරැල්ල හට ගත් අවස්ථාවේදී හමුදා මූලස්ථානයට පැමිණි තමන්ට දක්නට ලැබුණේ දහ අට දෙනකුගෙන් සමන්විත පොලිස් සහ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා මූලස්ථානයේ බලය අල්ලා ගෙන සිටි බව යැයි ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෂීඞ් කියා සිටියේය. එහිදී එම නිලධාරීන් තමාට ඉල්ලා අස්වන ලෙස බල කර සිටි අතර එසේ නොවුණ හොත් ඔවුන් බලය යෙදීමට කටයුතු කරන බවට තර්ජනය කළ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ”ඔවුන් මට කළේ තර්ජයක්. ඒ නිසා මට සිද්ධ වුණා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණයක් ගැනීමට. විපක්ෂයේ මේ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හසන්” යැයි නෂීඞ් අවධාරණය කරයි. කෙසේ නමුත් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් හසන් පවසන්නේ එම කැරැුල්ලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් නීතිය අකුරටම රට තුළ කි‍්‍රයාත්මක කිරීමට තමා බැඳී සිටින බවත්ය. තුන් ලක්ෂයකට ආසන්න ජනගහනයක් වෙසෙන සංචාරක පාරාදීසයක් වන මාලදිවයින් දූපත් රාජ්‍යය, වසර 30 ක් තිස්සේ පැවැති අබ්දුල් ගයුම්ගේ ඒකාධිපතිවාදී පාලනය අවසන් කර රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආවේ නෂීඞ්ය. ඒ, 2008 වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි. නෂීඞ් සිය ධුරයෙන් සමුගත්තේ තව දුරටත් බලයේ රැඳී සිටිමින් ජනතාව මර්දනය කිරීමට තමාගේ කිසිදු අදහසක් නැති බවත් විපක්ෂය චෝදනා කරන අන්දමට තමන් ඒකාධිපති පාලකයකු නොවන බවත් පවසමිනි. හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්



අදහස් (0)

මා බලයෙන් නෙරපීමේ කුමන්ත‍්‍රණයට වත්මන් ජනපති වහීඞ් හසන් සම්බන්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site