
පසුගිය ජනවාරි 26 වැනිදා ස්පාඤ්ඤයේ කැනේරි දූපත්වලට ඔබ්බෙන් මුහුදේ ගවේෂණයක යෙදෙමින් සිටි විද්‍යාඥයන් පිරිසකට අමුත්තකු හමුවිය. මේ අමුත්තා, ඇන්ග්ලර් Humpback Anglerfish මාළුවෙකි.
මේ සම්බන්ධයෙන් පුවත් පළ වූයේ ඇන්ග්ලර් මාළුවා, 'කළු මුහුදු රාක්ෂයා' යනුවෙන් හඳුන්වා දෙමිනි. ඒ, ඇන්ග්ලර් මාළුවන්ගේ ඇති බිහිසුණු පෙනුම නිසාය.
සාමාන්‍යයෙන් ඇන්ග්ලර් මාළු, ජීවත් වන්නේ මීටර් 1,500 ක් ගැඹුරු මුහුදේ හිරු එළිය නොවැටෙන කලාපයේය. එහෙයින්, ඇන්ග්ලර් මාළුවා මතුපිට මුහුදු සීමාවට පිහිනා ආවේ ඇයිදැයි යන්න ප්‍රහේලිකාවකි. අවාසනාවකට, විද්‍යාඥයන්ට හමුවුණු මෙම මාළුවා ද පැය කීපයක් යද්දී මියගිය බව ද පැවැසෙයි.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd