බටහිර අප්‍රිකාවට අයත් මාලි රටේ කාන්තාවක දරුවන් නව දෙනකු ප්‍රසූත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙය ඉතාම විරල සිදුවීමක් බවය.
හලීමා සිසේ නමැති 25 හැවිරිදි මෙම කාන්තාව පිරිමි දරුවන් සිවු දෙනකු සහ ගැහැනු දරුවන් පස් දෙනකු බිහි කළේ මොරොක්කෝවේ රෝහලකදීය.
මාලී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, හලීමා සිසේ දරු ප්‍රසූතිය සඳහා මොරොක්කෝ රාජ්‍යය බලා රැගෙන යෑම සිදුවිය. ඒ ඇය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ දරු ප්‍රසූතිය කළ යුතු බැවිනි. ඒ සියල්ල සිදුවූයේ මාලි රජයේත්, එරට සෞඛ්‍ය අමත්‍යාංශයේත් අනුග්‍රහය මැදය.
හලීමා සිසේ මොරොක්කෝවට රැගෙන යෑම සිදුවූයේ ඇගේ කුසේ දරුවන් 7 දෙනකු ඇති බව ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගිය නිසාය.
කෙසේ නමුත් සිසේරියන් සැත්කමේදී දරුවන් 9 දෙනකු සිටිනු දැකීමෙන් මොරොක්කෝ වෛද්‍ය කණ්ඩායම පුදුමයට පත් වී ඇත.
තමන් නිවුන් දරුවන් 9 දෙනකු බිහි කළ බව විශේෂඥ වෛද්‍යවරුන් හලීමා සිසේ ට පැවැසූ අවස්ථාවේ දී ඇය පුදුමයට පත් වුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතිය සිදුවුණු අතර මවත් දරුවන් නව දෙනාත් යහතින් පසුවන බවත් මාලි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
මීට පෙර තම රටේ මේ අයුරින් නව දරු උපතක් සිදුවුණු බවට කිසිදු වාර්තාවක් පළ වී නැතැයි මාලි සෞක්‍ය අමාත්‍ය ප්‍රකාශක රිචඩ් කුණ්ඩාරී පවසා තිබේ.
'මව සහ දරුවන් යහතින් සිටිනවා. වැඩි පරිස්සමට සති කීපයක් අප ඔවුන් රෝහලේ රඳවා ගන්නවා. ඉන්පසු ඇයට ආපසු මාලි රාජ්‍යයට යෑමට ඉඩ ලැබේවි' යැයි දරු ප්‍රසූතියට සම්බන්ධ මොරොක්කෝ වෛද්‍යවරුන් පවසා තිබේ.
බමාකෝ නුවරදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
41
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලි කාන්තාවක් දරුවන් 9 ක් ප්‍රසූත කරලා
Dr. Lakshman Fernando Wednesday, 05 May 2021 06:29 AM
මෙ අම්මාටත්, දරුවන්ටත් දෙවියන්ගේ පිහිට ලැඛෙවා...!!!
banda Wednesday, 05 May 2021 02:06 PM
මවත් දරුවනුත් නිරෝගී සුවය ලැබේවා