IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මොළේ වර්ධනයට මාළු

මාළු වැඩිපුර ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මාළු කෑමෙන් සිරුරට ලැබෙන ඔමෙගා තුන නමැති මේද අම්ලය හේතුවෙන් වයස්ගතවන විට මොළයේ පරිමාව ද විශාල වන බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න බව අවුරුද්දකින්  හෝ දෙකකින් පමණ ආරක්ෂාවන බව ද ඔවුහු කියති.

ඇල්ෂැයිමර් රෝගයේ ලක්ෂණයක් වන්නේ වයසට යන විට මොළයේ හැකිළීමයි. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට දෙවරක් හෝ තෙල් සහිත මසුන්ගෙන් කෑල්ලක් ආහාරයට ගත යුතු බවයි. මේ ආකාරයට පෝෂ්‍යදායක අතින් පොහොසත් මසුන්ගේ තෙල් අඩංගු වන්නේ හුරුල්ලා, කුම්බලාවා සහ සැමන් මසුන්ගේ බව ද පර්යේෂකයන් පවසයි.

මේ අධ්‍යයනය සදහා ගැහැනුන් 1111 ක් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ රතු රුධිර සෛලවල ඇති ඔමෙගා තුන නමැති මේද අම්ල පරීක්ෂාවට ලක්කැර තිබේ.

 



අදහස් (0)

මොළේ වර්ධනයට මාළු

ගාමිණී ද මෙල් Monday, 27 January 2014 01:13 AM

කතාව ඇත්ත පොඩි මාළු කන්න.(නදී)

:       0       0

ගාමිණී ද මේල් Monday, 27 January 2014 01:17 AM

තතාව ඇත්ත. සැමන් මලු කන්න. මෙහෙත් කියන්නේ මාලු කන්න කියලා.(නදී)

:       0       0

රංග Tuesday, 28 January 2014 11:17 PM

එහෙනම් ඉතින් මාලේ අයගේ මොලේ වැඩිවෙන් එපැයි ...ඒ මිනිස්සු වැඩියෙන් ආහාරයට ගන්නේ මාළු . දී)

:       0       1

චමින්ද Tuesday, 28 January 2014 10:38 AM

අම්බලන්ගොඩින් බිහිවෙලා තියෙනවා බොහෝ උගත්තු.ඒ ගොල්ලන්ගේ ප්‍රියතම මාළු බලමාළු. (දිල්)

:       0       0

සිතු Tuesday, 28 January 2014 11:34 AM

මෝර ගුලි ගත්තත් හොඳයි. කොන්ඩෙටත් හොඳයි ඔමේගා 3.(නදී)

:       0       0

නිමල් Wednesday, 29 January 2014 02:09 AM

මට මේක ඇහුවම මලු කන්න හිතෙනවා (දී)

:       0       0

චින්තක Monday, 27 January 2014 07:28 AM

සැමන් හොඳ තමයි. නමුත් නියම සැමන් මාලු හරි ගණන්. අපේ ටින් මාලු වල ඉන්නේ ටුනා වර්ගයේ මාළු මිස සැමන් නෙවි. නමුත් ටුනා මාළු වලත් ඔමේගා 3 තියෙනවා. (නදී)

:       0       0

රන්දික Wednesday, 29 January 2014 05:12 AM

මල කුණක් කන්නනේ මොකටද පලා කෑවොත් නරක ද ? (දී)

:       2       4

කීර්තිරත්න Monday, 27 January 2014 09:09 PM

මාළු කෑම නම් හොඳයි. නමුත් මාළු වල ගනනේ හැටියට දවසක් කෑවොත් මාසයක් බඩගින්නේ ඉන්නයි වෙන්නේ.(නදී)

:       0       0

කෙනත් Wednesday, 29 January 2014 09:06 AM

හොඳ හැටි එළවලු පලා වර්ග කැමට ගන්න.(නදී)

:       0       0

ජයතිලක Sunday, 26 January 2014 01:56 PM

සැමන් මාළු නම් හරිම රසයි. හැබැයි මාර ගන්නන්නේ. හැබැයි ටින් වල තියෙන සැමන් කාලා නම් මොලේ වර්ධනය වෙන එකක් නැහැ මගේ හිතේ.(නදී)

:       0       0

සමන් කුමාර Sunday, 26 January 2014 02:52 PM

මාළු කියන්නේ හොඳ කෑමක් (දිල්)

:       0       0

කෙෂවී Sunday, 26 January 2014 02:57 PM

මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙහෙ වෛද්‍යවරුන් කියන්නේ සැමන් කනවා නම් වඩා ගුණ කියලා(දිල්)

:       0       0

රවි Wednesday, 29 January 2014 10:48 AM

සැමන් මසුන් කියන්නේ , සාලයට.(නදී)

:       0       0

වනොන් Sunday, 26 January 2014 05:43 PM

සැම ටින් මාළුවක්ම සැමන් මාළු නොවේ. ලංකාවේ ටින් මාළු වල ඇත්තේ බල මාළුය(දී)

:       0       0

ක්‍රිෂ්කා මිනු ප්‍රනාන්දු Sunday, 26 January 2014 06:00 PM

මෙලෝ රහක් නැති මාළු වගේනේ (දී)

:       0       0

චමින්ද Wednesday, 29 January 2014 12:04 PM

රවී ඔයාට කවුද කිව්වේ සැමන් මාලුවයි ,සාලයා මාලුවයි එකයි කියලා. ඔයාට වැරදීමක් වෙලා. (නදී)

:       0       0

සුකිරි Monday, 27 January 2014 02:30 PM

ඉංග්‍රීසි බාසාවේ වචන වලට ලංකාවේ වැරදි තේරුමක් දෙන අවස්ථා තියනවා. උදාහරණ ලෙස ලංකාවේ ටින් මාළු වල තියෙන්නේ මැකරල් මාළුවා. නමුත් සුද්දන්ගේ කාලේ සැමන් මාලුව ටින් කරලා ලංකාවට සුද්දන්ගේ පරිබෝජනෙට ගෙනාවා. මේ නිසා තාමත් මේ වචනේ වැරදියට පාවිච්චි කරනවා. (නදී)

:       0       0

මිගිද Tuesday, 28 January 2014 03:42 AM

ඒකනේ දකුණේ වෙරල සීමා ගම්වල මොලේ තියෙන අය ඉන්නේ.(නදී)

:       0       0

ජීවන් Monday, 27 January 2014 02:33 PM

ලංකාවේ ටින් මාළු වල ටුනා හෝ මෑ කරල් මාළුවා ඇත. නමුත් මට නම් තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු සැමන් ටින් හෝ සාඩින් ටින් කියල කියන්නේ. සාඩින් මාලුත් ලංකාවේ ටින් වල නැහැ. සැමනුත් නැහැ.(නදී)

:       0       0

ලසන්ත Monday, 27 January 2014 02:34 PM

අපි ලැජ්ජා වෙන්ට ඕනා රට වටේම මුහුද තියාන කී දෙනාද මාළු කන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 716 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site