IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මීළග පාප්තුමා ගැන ඉගියක්

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දින 15 ඇතුළත සිදුවෙයි. වතිකානය යනු ලොව කුඩාම රාජ්‍යය වන අතර මෙය රා්මයේ පිහිටා ඇත. වතිකානයේ ප්‍රධානියා වන්නේ පාප්තුමන්ය.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථ වීමෙන් පසු මේ වනවිට වතිකානයේ පවතින්නේ අන්තර්වාර පාලනයකි. නව පාප්තුමකු තෝරා පත් කර ගන්නා තෙක් වැඩ බලන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කාදිනල් කෙවින් ෆැරල් පියතුමාය.

නව පාප්තුමා තෝරා ගැනීම ඡන්ද විමසුමකින් සිදුවනු ඇති අතර එම ඡන්ද විමසුමට දායක වන්නේ, ලොව පුරා සිටින කාදිනල්වරුන් 253 දෙනාය. මෙම කාදිනල්වරුන්, නැතිනම් අපේක්ෂකයන් අතරේ පැවැත්වෙන ඡන්ද විමසුම ‘කොන්ක්ලේව්’ ලෙස හැඳින්වෙයි. ඡන්ද විමසුම, සිස්ටයින් දේවස්ථානයේ සිදු කෙරෙනු ඇත. වයස අවුරුදු 80 වැඩි කාදිනල්වරුන්ට පාප් ධුරයට ඉදිරිපත් විය නොහැකි නමුත්, නව පාප්වරයකු තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකිය. පාප් ධුරයට තෝරා ගැනෙන්නේ අවුරුදු 80 අඩු කාදිනල්වරුන්ගෙන් කෙනෙකි. 

එම කාදිනල්වරුන් අතරින්, මීළඟ පාප්තුමන් කවුරුන්දැයි යන්න කිසිසේත් කල්තියා පැවැසිය නොහැකි නමුත්, අනුමාන කිරීම් කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. 

මීළඟ පාප් ධුරයට සුදුසු යැයි අනුමාන කරමින් කාදිනල්වරුන් කීප දෙනකු ගැන විස්තර මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ පළ වෙයි. ඒ අතරින් ඉදිරියෙන් සිටින්නේ 70 හැවිරිදි ඉතාලි ජාතික කාදිනල් පියෙට්‍රෝ පැරොලින්ය. පැරොලින්, වතිකානයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස මේ වනවිට කටයුතු කරයි. පැරොලින්, පසුගිය වසර 11 පුරා එම තනතුරේ සේවය කර ඇති අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගත් අයකු බව ද පැවැසෙයි.

මැඩගස්කරයේ 65 හැවිරිදි ෆිඩොලින් ඇම්බොන්ගෝ බෙසුන්ගු, අප්‍රිකාවේ සහ මැඩගස්කරයේ එපිස්කෝපල් සම්මේලන සම්මන්ත්‍රණය නියෝජනය කරයි. මොහු කතෝලික පල්ලියේ වඩාත් ගතානුගතික හඬ බව පැවැසෙයි. 

පිලිපීන ජාතික 67 හැවිරිදි ලුයිස් ඇන්ටෝනියෝ ටැගල් ද පාප් ධුරයට සුදුසු අයකු බව පැවැසෙයි. මොහු වතිකානයේ විවිධ භූමිකාවන් ඉටු කරන කැපී පෙනෙන චරිතයකි. ඇමෙරිකන් කාදිනල් 76 හැවිරිදි රේමන්ඩ් බර්ක් ද පාප් ධුරයට සුදුසු තැනැත්තකු බව පැවැසෙයි. මොහු ගතානුගතික අදහස් ඇති අයෙකි.

(ද ගාඩියන් ඇසුරිනි)



අදහස් (0)

මීළග පාප්තුමා ගැන ඉගියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site