IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහ වැසි: සැඬ සුළං ‘මිලටන්’ ෆ්ලොරීඩාවට

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මිල්ටන්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව හෙට (10) මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, බටහිර වෙරළ තීරයට කඩා වැදීමට නියමිතය.

‘මිල්ටන්’ සුළි කුණාටුවෙන් ප්‍රබල බලපෑම් එල්ල වනු ඇත්තේ ටැම්පා බේ වෙරළාශ්‍රිත නගරයට යැයි පැවැසෙයි. 
කාලගුණ විද්‍යාඥයන්ට අනුව, ටැම්පා බේ නගරයට වසර 100 කින් පසු කඩා වදින බිහිසුණුතම සුළි කුණාටුව වන්නේ මෙයයි.

මෙක්සිකෝ බොක්කේ වර්ධනය වූ ‘මිල්ටන්’ සුළි කුණාටුව, පැයට කිලෝ මීටර් 270 ක වේගයකින් හමා යන බව ද පැවැසෙයි.සුළි කුණාටුව ප්‍රබලත්වයෙන් පස්වැනි ස්ථානයට අයත් සුළි කුණාටුවක් බව පැවැසෙයි. ඇමෙරිකාවට කඩා වැදුණු බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන්, ටැම්පා බේ නගර වැසියන් ආරක්ෂිත ස්ථාන වෙතට යොමු කිරීමට මේ වනවිට පියවරෙ ගෙන ඇති බවත් දහස් ගණනක් දෙනා මේ වනවිට ප්‍රජා ශාලා සහ පාසල්වල රැඳී සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. ඇමෙරිකන් ජෝ බයිඩන් ද කාලගුණ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් අනුව, ‘මිල්ටන්’ සුළි කුණාටුව සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මහ වැසි: සැඬ සුළං ‘මිලටන්’ ෆ්ලොරීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site