IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මුල්ම ඇපල් පරිගණකය කෝටි පහකට යයි?

ඇපල් සමාගමේ ආරම්භය සනිටුහන් කරමින් 1976 වසරේදී කරළියට පැමිණි ඇපල් වන් වර්ගයේ පරිගණකයක් වෙන්දේසියේ විකිණීමට නියමිතය.

1976 වසරේදී ඩොලර් පවුම් 429  (රුපියල් 8,184) ක් මිල වූ මේ පරිගණකය වෙන්දේසියෙදී අවම වශයෙන් පවුම් 250,000 ක (රුපියල් 4,90,58587) මුදලකට විකිණෙනු ඇතැයි එහි හිමිකරුවෝ අපේක්ෂා කරති.

ඇපල් වන් පරිගණක 200 ක් නිපදවුණු අතර අද වන විට කි‍්‍රයාකාරී තත්වයේ පවතිනුයේ ඉන් 6 ක් පමණි.

ඇපල් වන් පරිගණකය ඇපල් සමාගමේ ප‍්‍රථම නිශ්පාදනයයි.ඇපල් සමාගමේ නිර්මාතෘ වරුන් දෙපළ වූ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් මේ පරිගණක තමන්ගේ අතින්ම නිෂ්පාදනය කර ඇත.මුලදී ඇපල් සමාගමේ කර්මාන්තශාලාව වූයේ ස්ටීව් ජොබ්ස් ගේ දෙමව්පියන්ට අයත්ව තිබූ ගරාජයකි.ඉතා ප‍්‍රාථමික මට්ටමේ ගණනයන් කිරීමේ හැකියාව තිබූ මේ පරිගණකයේ එක් ගීතයක්වත් ගබඩා කිරීමට පවා ඉඩ නොතිබිණි.දැන් තිබෙන ගිගාබයිට් ප‍්‍රමාණයේ පරිගණක මතකයන් හා සසදන කල්හි ඇපල් වන් පරිගණකයේ වූයේ කිලෝබයිට් 8 ක කුඩා මතකයකි.අද පරිගණක වල සීඩි පට ධාවක වෙනුවට එහි වූයේ කැසට් පට ධාවකයකි.පරිගණක වැඩසටහන් කැසට් පට ආධාරයෙන් පරිගණකට ලබා දීම සිදුවිණි.

ඇපල් වන් එදවස තාක්ෂණයේ හැටියට සාර්ථක නිශ්පාදනයක් විය.මේ සාර්ථක භාවය නිසාම තව තවත් පරීක්ෂණ කරමින් නව නිශ්පාදන වෙළදපොලට ගෙන ඒමට ස්ටීව් හා වොස්නියැක් දෙපළ කි‍්‍රයා කළහ.ඇපල් සමාගම මුල සිටම කළේ පොදු ජනයාගේ අවශ්‍යතා හදුනාගෙන ඒවා සපුරාලිය හැකි නිර්මාණ නැවුම් හා වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොකළ ආකාරයේ නිමාවකින් වෙළදපොළට ඉදිරිපත් කිරීමයි. එම වෙළද උපක‍්‍රමයේ සාර්ථකත්වය අද ඇපල් සමාගම සිටින තැන දෙස බලන විට හොදින් වැටහේ.



අදහස් (0)

මුල්ම ඇපල් පරිගණකය කෝටි පහකට යයි?

සඳරුවන් Tuesday, 30 April 2013 06:43 PM

මුරුගන්ගේ ගතිය දුරු වේවා.මම පාවිච්චි කරන්නෙත් අති නවීන ඇපල් නිෂ්පාදන.. අයි ෆෝන් මැක් බුක් ,තාක්ෂණයෙන් විශිෂ්ටයි.පහසුයි.(නු)

:       0       0

උද්දික Tuesday, 30 April 2013 06:45 PM

අනේ මන්දා අපේ මිනිස්සු ඉතින් හැම එකක්ම නිකම්මනේ බලාපොරොත්තු වෙන්නේ. (නු)

:       0       0

සදරුවන් Tuesday, 30 April 2013 07:03 PM

නවීන තාක්ෂනය යහපත් දේට යොදා ගත යුතුයි. නමුත් ලෝකේ ගොඩක්ම වෙන්නේ පරිගණක අපරාධ. නමුත් නුවනැත්තා මහ පොළොවට කිඳා බැහැපු කිණිහිර වගේ කල්පාන්ත වාතය හැමුවත් සොලවන්න බෑ. සියලුම දේවල් තමන්ගේ යහපතටත් වාසියටත් යොදා ගන්නවා.(නදී)

:       0       0

මුරුගන් Tuesday, 30 April 2013 04:23 PM

සදරුවන්ලා වගේ ඉරිසියා කරන්ණන්ගේ ඇහේ කටු අනිනවා වගේ උනත් අද ඇපල් සමාගම සහ එහි නිර්මාණ ලබා ඇති දියුණුව කොහොමද.? (ස)

:       0       0

ගාමිණී Tuesday, 30 April 2013 05:45 PM

අපිට නම් ඔය ඇපලුත් එකයි, මුද්දරප්පලමුත් එකයි, මිල ගණන් දිහා බලපුවහම. නරි රාලහාමි කිව්වා වගේ දෙකම තිත්තයි කියලා තමයි කියන්න තියෙන්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site