
ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි නුවර පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සිටි 90කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිර වී ඇතැයි වාර්තා වේ.
මෙම ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබී ඇතැයි ද අද (24) පස්වරුවේ එක්වරම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි මහරාෂ්ට්‍ර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දියාවට මේ දිනවල මෝසම් වැසි ඇද වැටෙමින් තිබෙන අතර ධාරාණිපාත වර්ෂාව මධ්‍යයේ පුද්ගලයන් 28 දෙනකු මුදා ගැනීමට සහන සේවකයන් හැකි වූ බව බලධාරීහු සඳහන් කළහ. මුදා ගැනීමේ කටයුතුවලට ඒ අවට සිටින නිවැසියන්ගේ සහාය ද හිමිව ඇත. මුම්බායි නුවරින් කිලෝමීටර 200ක් ඈතින් පිහිටි කාර්මික නගරයක් වන මහාද්හි පිහිටි ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබේ.
මෙම අනතුරින් මරණ සිදුව ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.
ප්‍රාදේශීය රූපවාහිනි නාලිකා කිහිපයක් ම සුන්බුන් විසිරී ඇති අයුරුත් පොලීසිය ද සුන්බුන් අතර සිර වූ පිරිස් බේරාගැනීමට උත්සාහ කරන අයුරුත් පෙන්වීය. එම ස්ථානයෙන් එක් ගිලන් රථයක් පිටව යන අයුරු එක් විඩියෝ පටයක දැක්විණි.
මුදා ගැනීමේ කටයුතුවලට සහ සහන සේවාවලට පරිපාලනය සියලු සහාය ලබාදෙන බව මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය උධාව් තැකරි පවසා ඇතැයි ඔහුගේ කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩා වැටෙයි