
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවරදී ආරම්භ විය.
සමුළුවේ සත්කාරකරු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමුළුව ආරම්භ කරමින් අවධාරණය කළේ, දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට ඇති හොඳම සහ එකම අවස්ථාව මෙම සමුළුව බවත්, මෙම සමුළුව අසාර්ථක වුවහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ අවසානය තීරණය කරනු ඇති බවත් ය.
'කොප්26' සමුළුවේ සභාපති ධුරය හොබවන බ්‍රිතාන්‍ය දේශපාලඥ අලෝක් ෂර්මා මෙන්ම ස්කොට්ලන්ත නායිකා නිකොලා ස්ටර්ජන් ද සමුළුවෙහි ඇති වැදගත්කම පෙන්වා දුන්හ. ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයේ කොටසකි. දැඩි ආරක්ෂාවක් මැද සමුළුව පැවැත්වෙන්නේ ග්ලාස්ගෝව් නුවර 'සෙක් සෙන්ටර්' මධ්‍යස්ථානයේ ඇති දැවැන්ත සම්මන්ත්‍රණ ශාලාවේය.
'ජී20' රාජ්‍ය නායක සමුළුව, පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර එය අවසන් වීමත් සමඟ 'ජී20' රාජ්‍ය නායකයෝ 'කොප්26' සමුළුව සඳහා ග්ලාස්ගෝව් බලා පැමිණියහ. 'කොප්26' සමුළුව සාර්ථක කර ගැනීමට 'ජී20' සමුළුවේදී 'ජී20' නායකයෝ එකඟත්වය පළ කළහ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් 'ජී20' සමුළුවටත්, 'කොප්26' සමුළුවටත් සහභාගී වන්නේ වීඩියෝ පණිවුඩ තාක්ෂණයෙනි.
ජගත් විද්‍යාඥයන්ට අනුව ජීවයට සුදුසු තත්ත්වයක් තිබීමට නම්, මිහිමත උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව පසු නොකළ යුතුය. අද පවතින තත්ත්වය අනුව, මිහිමත උෂ්ණත්වය සෙල්සියස් අංශය 2.7 ක් තෙක් ඉහළ යනු ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පවසා ඇත. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාවට අඩුවෙන් පවත්වා ගැනීමට නම්, 2015 වසරේ ඇති කරගත් පැරිස් සම්මුතියට අනුව, ලොව ධනවත් මෙන්ම බලවත් රටවල් ද කටයුතු කළ යුතු වෙයි. 'කොප්26' සමුළුව පැවැත්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පොදු එකඟත්වයක් ඇති කර ගැනීමටය.

(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මනුෂ්‍ය වර්ගයාගේ අවසන් අවස්ථාව
ana Monday, 01 November 2021 03:42 PM
වාර්තාවේ දෝෂ තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 1.5 සීමාව යනු කුමක්ද? සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක්. මෙහි 1.5 සහ 2.2 යනු උෂ්ණත්වය ඉහළයාම විය යුතුයි..