
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට සහාය දක්වන්නේ නම්, ඒ සඳහා ඩොලර් මිලියන 25 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ඇමෙරිකාව නිවේදනය කර ඇත.
ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින, මදුරෝ පිටපිට තෙවැනි වරටත් වෙනිසියුලා ජනාධිපති ලෙස පසුගිය දා දිවුරුම් දුන්නේය.
ඇමෙරිකාව මදුරෝ අත්අඩංගුවට ගැනීමට සහාය ඉල්ලමින්, මුදල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළේ දිවුරුම් දීමේ උළෙල පැවැත්වෙද්දීය.
මදුරෝ පමණක් නොව, වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද ඇමෙරිකාව මුදල් ත්‍යාග පිරිනමන බව පවසා ඇත. ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ වෙනිසියුලානු විපක්ෂයටය.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd