
ඉන්දියාවේ මංගල පෙරහරක යමින් සිටි මනාලයකු හිටිහැටියේ මියගොස් ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව මරණයට හේතුව හෘදයාබාධයකි. මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂියෝපූර් දිස්ත්‍රික්කයෙනි.
ප්‍රදීප් ජැට් නමැති එම මනාලයා අශ්වයා පිට නැග මංගල පෙරහර සමඟ මමංගල උත්සවය පැවැත් වෙමින් තිබූ ශාලාව වෙත යද්දී හිටිහැටියේ සිහිසුන්ව ඇද වැටුණු බව පැවැසෙයි.
මනාලයා කඩිනමින් රෝහල්ගත කෙරුණු නමුත් ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳහනට මුල් තැන දීලා වැඩකරන රටක්. අනිවාර්‍යෙන් බලන්න ඇතිනේ. පුදුමනේ. මේ මරනේ නොපෙන්නු එක. මහින්දගෙ. මයිනා. හදහන් බලපු අයවගේ පරදිනබව දන්නවලු. බයට කිව්වෙ නැහැලු. ගොටාගේ ච්‍යනා අක්කත් ඒවගෙ. බුදු අම්මො සිකුරිටි තියාගන. රට කරන හැටි. ආවෙසෙන් කිව්වෙ. අන්තිමට. ගෝටාට රටේ ඉන්නත් නැතිව පැනලා යන්න වුනා මේවා ඇවිත් දේව දඩුවම්. ඉගෙන ගන නැතිනිසා. මිනිස්සු රවට්ටලා කුනුබෙදලා. බලය අරගන. ඉට පස්සෙ. කට්ට්ටඩියො. සස්තර. කාරයෝ. කියන විදියට රට කෙරුවේ. දැන් තටු කපලා