
කුරුලු උණ වයිරසය ආසාදනය වූ බැටළුවකු ගැන පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ. මෙම බැටළුවා එංගලන්තයේ යෝක්ෂයර් පළාතේ බැටළු ගොවිපොළක බැටළුවකු බව පැවැසෙයි.
කුරුලු උණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ගොවිපොල හිමිකරුවන් දැනුවත් කර ඇති අවස්ථාවක, රෝගී වූ බැටළුවන්, දෛනිකව පරීක්ෂා කරද්දී, රෝගී වූ මෙම බැටලුවා හමුවී ඇතැයි ද වාර්තා වේ.
කුරුලු උණ වයිරසය, එංගලන්තයේ බැටළුවකුගෙන් වාර්තා වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. කෙසේ නමුත්, වෙනත් රටවල ගොවිපොළ සතුන්ට කුරුලු උණ ආසාදනය වී ඇති බවට වාර්තා පළ වෙයි. ආසාදිත බැටළුවාගෙන් එම ගොවිපොළේ සෙසු බැටළුවන්ට වයිරසය ආසාදනය වී නොමැති බව ද මේ වනවිට තහවුරු වී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd