‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් එය ආරක්ෂිත බවත් අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේය.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අයත් රටවල් රැසක බියක් හටගත්තේ, එන්නත ලබා ගත් 34 දෙනකු රුධිරය කැටි ගැසීමෙන් මියයෑම නිසාය.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මැදිහත් වී නිපදවූ මෙම එන්නත බ්‍රිතාන්‍යය තහනම් නොකළ අතර, එන්නත ආරක්ෂිත බවත් සාර්ථක බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.
56 හැවිරිදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පසුගිය අප්‍රේල් මාසයේ, කොරෝනා ආසාදිතයකු බවට පත් විය. ඒ, බ්‍රිතාන්‍යය පළමු කොරෝනා රැල්ලට මුහුණ දුන් අවස්ථාවේදීය. අග්‍රාමාත්‍ය ජොන්සන් සුවය ලැබුවේ දින දෙකක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් ද පසුවය.
(රොයිටර්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.