IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බෙලරූස් ජනපතිගේ සුබ පැතුම විහිළුවක්

යුක්රේනයේ නිදහස් දිනය නිමිත්තෙන් අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ නිකුත් කළ සුබ පැතුම ‘විහිළුවක්’ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

අද වෙනම රටවල් බවට පත් වුවත්, යුක්රේනය මෙන්ම බෙලරූසය ද අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය. යුක්රේනය නිදහස් දිනය ලෙස සමරන්නේ 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමය.

යුක්රේනය රුසියන් විරෝධී රාජ්‍යයක් වන අතර බෙලරූසය රුසියන් හිතවාදී රාජ්‍යයකි. දීර්ඝ කාලයක් බෙලරූසයේ ජනාධිපති ධුරය හොබවන ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ, රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතමයෙකි. බටහිර රටවල් ලුකෂෙන්කෝ හඳුන්වන්නේ පුටින්ගේ රූකඩයක් ලෙසය.

රුසියන් ජනාධිපති පුටින් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගනිද්දී, ඔහුට ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝගේ සහාය හිමිවිය.

රුසියන් හමුදා බෙලරූසයේ සිට දේශසීමා හරහා යුක්රේනයට ඇතුළු විය. එහෙයින්, රුසියාව මෙන්ම බෙලරූසය ද තමන්ගේ සතුරකු බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී චෝදනා නගයි. ලුකෂෙන්කෝගේ සුබ පැතුම් පණිවුඩය ‘විහිළුවක්’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පවසන්නේ මේ නිසාය.

(රොයිටර්)



අදහස් (0)

බෙලරූස් ජනපතිගේ සුබ පැතුම විහිළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site