IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බලයෙන් නෙරපා දැමුණු සුඩාන අගමැති යළි බලයට

බලයෙන් නෙරපා දැමුණු සුඩාන අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් ට යළි බලය ලබා දීමට සුඩානයේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් පියවර ගෙන ඇත.

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ පසුගිය ඔක්තෝබර් 24 වැනිදාය. ඒ වනවිට රටේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරමින් සිටියේ හැම්ඩොක් ය.

හමුදාපති ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් කුමන්ත්‍රණය මෙහෙයවමින් හැම්ඩොක් බලයෙන් නෙරපා දැමුවේ ඔහු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කිරීමෙනි.

කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට හමුදාපතිවරයා වැසියන්ට පොරොන්දුවක් විය. එහෙත්, සුඩාන වැසියන්ගෙන් සහ ජාත්‍යන්තරයෙන් හමුදාපතිවරයාට දිගින් දිගටම බලපෑම් එල්ල වූයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ස්ථාපිත කරන ලෙසය. ඒ අනුව, නව බලය බෙදා ගැනීමේ එකඟතාවකට අනුව, අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් ට යළි ඔහුගේ ධුරය හිමිවිය.

වසර ගණනාවක් සුඩානයේ ජනාධිපති ලෙස කටයුතු කළේ ඕමාර් අල් බෂීර්ය. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ද ඔහු ජයග්‍රහණය කළ නමුත් සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ එම දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන සුඩාන වැසියන් හෝ ඕමාර් අල් බෂීර්ගේ එම ජයග්‍රහණය පිළිගත්තේ නැත.

දිගින් දිගටම විරෝධතා එල්ල වෙද්දී, පාලක මණ්ඩලයකට බලය පවරා දී ඕමාර් අල් බෂීර් ධුරයෙන් ඉවත් විය. 2023 වසරේ යළි මැතිවරණයක් පැවැත්වෙන තුරු එම ස්වාධීන පාලක මණ්ඩලය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවිණි.

ඊට අමතරව හදිසි නීතිය ක්‍රියාවට නංවමින්, ස්වාධීන පාලක මණ්ඩලය විසුරුවා හැරීමට ද සුඩාන හමුදාව පියවර ගත් බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. සුඩානයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස අබ්දුල්ලා හැම්ඩොක් බලයට පත්වූයේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බලයෙන් නෙරපා දැමුණු සුඩාන අගමැති යළි බලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site