
නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද අවස්ථා දෙකකදී, ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ සංචාරය කළහ.
බයිඩන් මෙන්ම ට්‍රම්ප් ද මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. මෙක්සිකෝ දේශසීමාව හරහා ඇමෙරිකාවට අනවසරයෙන් පිවිසෙන සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී වැදගත් සාධකයක් වනු ඇත.
ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, ඇමෙරිකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ, දේශසීමා වැටක් ඉදි කළේ ද ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවය.
අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත්, ඩිමොක්‍රටික් පාක්ෂික බයිඩන්, අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ ආපසු හැරවීමක් කළේ නැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd