
යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩි තැබීය.
සංදර්ශන පෙළපාළිය පැවැත්වූයේ හැම්බර්ග් නුවර මධ්‍යයේය. පොරොව අතැති තැනැත්තා කලහකාරී ලෙස හැසිරෙද්දී, පොලිස් නිලධාරීන් ඔහු මෙල්ල කිරීමට උත්සාහ ගෙන ඇත.
එම අවස්ථාවේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බයකින් දමා ගැසීමට තැත් කළ බව පැවැසෙයි. පොලිසිය එවිට ඔහුට ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කළ බවත්, තවත් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බැවින්, පොලිසිය ඔහුගේ පාදයකට වෙඩි තැබූ බවත් පැවැසෙයි. තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කෙරුණි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම කෙනෙක් රටක පවතින නීතියට මෙල්ල විය යුතුයි .නීති ක්‍රියාත්මක වන රටවල් වල මිනිසුන් ට විනයක් තියෙන්නේ ඒකයි.