IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පී.සී.ආර්.වලට හසුනොවන කොරෝනා විකෘතියක්

පී.සී.ආර්. පරීක්ෂණවලට හසුනොවන, බිහිසුණු කොරෝනා වයිරස ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවී ඇති බවත්, එ ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් අට දෙනාම මියගොස් ඇති බවත් ප්‍රංශ සෞඛ්‍ය අංශ බිය පළ කරයි.

ප්‍රංශ සෞඛ්‍ය අංශ මෙම නව විකෘති වයිරස ප්‍රභේදය නම් කර ඇත්තේ, ‘ල වෙරියොන් බ්‍රෙටොන්’ යනුවෙනි. ඒ, විකෘති වයිරස ප්‍රභේදය පළමුවෙන් හමුවී ඇත්තේ ප්‍රංශයේ බ්‍රිටැනි පළාතෙන් වීමය.

මෙම විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 8 දෙනා ලැනියොන් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී, මියගිය බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.

පීසීආර් පරීක්ෂණවලට හසු නොවන මෙම වයිරස විකෘතිය හඳුනා ගැනීම කළ හැක්කේ රුධිර පරීක්ෂණවලින් යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.

වයිරස විකෘතිය සම්බන්ධයෙන් දිගටම පර්යේෂණ සිදු කරන බවත්, මෙතෙක් ලැබී ඇති දත්ත සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ බවත් ප්‍රංශ සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා තිබේ.

ප්‍රංශයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ නව ආසාදිතයන් ගණන 4,181,607 කි. මරණ වාර්තා වන්නේ 91,679 කි.

දෛනික ආසාදිතයන් ගණන වැඩිවීම සැලකිල්ලට ගනිමින්, ප්‍රංශ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, සංචරණ තහංචි පැනැවීමටත්, ප්‍රංශය ලොක්ඩවුන් කිරීමටත් ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කටයුතු කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

පී.සී.ආර්.වලට හසුනොවන කොරෝනා විකෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site