IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන යූ ටියුබ් නාළිකා හරහා ඉන්දීය රජය විවේචනය කරමින් වෛරය වපුරුවන බවටත්, සාවද්‍ය තොරතුරු ප්‍රසිද්ධ කරන බවටත් චෝදනා කරමිනි.
 
තහනම් කර ඇත්තේ, මිලියන 63 ක ග්‍රාහකයන් පිරිසක් සිටින පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 කි. ‘ඩෝව්න්’, ‘සම්මා ටීවී’, ‘ඒආර්වයි නිවුස්’, ‘බොල් නිවුස්, ‘ජියෝ නිවුස්’ ආදී පුවත් නාළිකාවලට අදාළ යූ ටියුබ් නාළිකා පවා ඒ අතර වෙයි.
 
මීට අමතරව, ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ තවත් පුද්ගලයන් කීප දෙනකු ඊයේ (28) දිනයේ ද අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ පවසා ඇත.
 
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය උපරිම සංයමයකින් විසඳා ගන්නා ගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටී.
 
ඕනෑම ගැටලුවක් අන්‍යෝන්‍ය මැදිහත්වීමක් හරහා සාමකාමීව විසඳා ගැනීම කළ හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත. 
ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලවතුන් වන අතර, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුදමය තත්වයක් හටගත්තොත්, එය කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ද අර්බුදයක් වන ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
 
(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site