IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


පාසල් සිසුන් 279 නිදහස් කරලා

 

නයිජීරියාවේ, වයඹ දිග සම්ෆාරා ප්‍රාන්තයේ, ජන්ගබේ නගරයේ පාසල් නේවාසිකාගාරයකින් පැහැරගත් පාසල් සිසුවියන් 280 කට ආසන්න පිරිස නිදහස් කර ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසයි. ගැහැනු ළමයින් 279 දෙනෙකු නිදහස් කර ඇති බව සම්ෆාරා ප්‍රාන්ත ආණ්ඩුකාර බෙලෝ මතවාලේ නිවේදනය කළේය.

බටහිර අප්‍රිකානු රටක් වන නයිජීරියාවේ සිසු සිසුවියන් සමූහ වශයෙන් පැහැරගෙන යාමේ සිද්ධියේ ආසන්නතම සිදුවීම පසුගිය සිකුරාදා සිදුවිය. තුවක්කුකරුවන් විසින් රජයේ බාලිකා පාසලෙකින් ගැහැණු ළමයින්279 දෙනකු පැහැරගනු ලැබිණ. එහෙත් අද (අඟහරුවාදා) ලා නිල් පැහැති හිජාබ් වලින් සැරසී සිටින ගැහැනු ළමයින් සිය ගණනක් ගුසාවු ප්‍රාන්ත රජයේ නිවාස කාර්යාලයේ වාඩි වී සිටිනු දැක තිබේ.

දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!

පැහැරගත් ජී.ජී.එස්.එස්. ජන්ගෙබේ සිසුන් වහල්භාවයෙන් නිදහස් කර ඇතිබව නිවේදනය කිරීම  සම්බන්ධයෙන් මගේ හදවත සතුටු වෙයි. මෙය අපගේ උත්සාහයන් සම්බන්ධයෙන් ඔවුනට  එරෙහිව ඇති බාධක කිහිපයක් පිළිබඳ තක්සේරු කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වයකි.

අපගේ දියණියන් දැන් ආරක්ෂිත බැවින් අප සමඟ ප්‍රීති වන ලෙස මම සියලුම යහපත් නයිජීරියානුවන්ගෙන් ඉල්ලා සිටිමි.“ යයි ආණ්ඩුකාර බෙලෝ මතවාලේ පැවසීය. 



අදහස් (1)

පාසල් සිසුන් 279 නිදහස් කරලා

වීරවිජෙ ් Wednesday, 03 March 2021 05:18 AM

අර අහවල් ජාතියේ අයගේ යුද්ධ.. කාලකන්නි...!!!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site