
පොලිස් භාරයේ සිටියදී පලා ගිය ප්‍රංශ අපරාධකරු මොහොමඩ් අමීර් හෙවත් ‘ෆලයි’ නමැති මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි නායකයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.
මොහොමඩ් අමීර් පලා ගියේ පොලිස් නිලධාරීන් විශේෂ ආරක්ෂාවක් යටතේ රථ පෙළකින් ඔහු අධිකරණයට ගෙන ගොස් ආපසු රැගෙන යමින් සිටිද්දීය.
අමීර්ගේ අපරාධ කල්ලියේ සෙසු සාමාජිකයන්, වාහනවලින් පැමිණ, එම වාහන අමීර් රැගත් පොලිස් වෑන් රථයේ හැපීමට සලස්වා, පොලිස් නිලධාරීන්ට පහර දී, අමීර් රැගෙන බලා ගිය බව පැවැසෙයි.
අමීර් පලා යන ආකාරය දැක්වෙන සීසීටීවී වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.මොහොමඩ් අමීර් සෙවීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd