
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකලස් සාර්කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කළේය.
ඒ, සාර්කෝසි 2012 වසරේදී සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිවිරෝධී අයුරින් අති විශාල මුදලක් යෙදවූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමත් සමඟය.
66 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා වරදකරු වූයේ පැරිස් නුවර අධිකරණයක් හමුවේය. නඩු විභාගය පැවැත්වූයේ ඊයේ (30) ය.
සාර්කෝසි දිගින් දිගටම පවසන්නේ, තමන් කිසිදු වරදක් නොකළ බවය. අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ද ඔහු ඒ බව නීතීඥවරුන් හරහා අධිකරණයට පෙන්වා දුන් බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.
නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු සාර්කෝසිගේ විනිසුරුවරුන් කියා සිටියේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවය. වසරක සිර දඩුවමක් නියම කළත් සාර්කෝසිට බන්ධනාගාරගත වීමට සිදුවන්නේ නැත. හිටපු ජනාධිපතිවරයකු වීම සැලකිල්ලට ගනිමින්, ඔහුට හිමි දඩුවම ක්‍රියාත්මක වනු ඇත්තේ ඔහු නිවාස අඩස්සියට ලක් කිරීමෙනි.
සාකෝර්සිගේ පාදයේ ඉලෙක්ට්‍රොනික වළලලක් (බ්‍රේස්ලට්) සවි කෙරේ. චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් වළල්ල ඇති ස්ථානය හඳුනා ගැනීම සිදුවෙයි. ඒ අනුව, සාර්කෝසි නිවසේ සිටිනවාදැයි පොලිසියට සහ ආරක්ෂක නිලධාරීන්ට දැනගත හැකිය.
සාර්කෝසි නිවසින් පිටතට එක් අඩියක් හෝ තැබුවොත් ආරක්ෂක අංශවලට අනතුරු ඇඟවීමක් ලැබෙයි. වළල්ල ගැලවීමට ද හැකියාවක් නැත. එය ගැලවීමට උත්සාහ ගතහොත් ආරක්ෂක අංශවලට ඒ ගැන අනතුරු ඇඟවෙයි.
2012 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු සාර්කෝසි, ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කළ මුදල යූරෝ මිලියන 22.5 කි. මෙය සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන්ට යෙදවිය හැකි සාමාන්‍ය මුදල මෙන් දෙගුණයක් බව පැවැසෙයි.
සාර්කෝසි පළමුවෙන් ජනාධිපති ධුරයට පත් වූයේ 2007 වසරේදීය. 2012 දී මහා මුදලක් වැය කරමින් දිගටම බලයේ රැඳී සිටීමට ඔහු උත්සාහ කළත් එය අසාර්ථක විය. 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ෆ්‍රන්සුවා ඕලන්ද්ය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රංශ හිටපු ජනපති සාර්කෝසිට සිරදඩුවම්